"කොහොමද ළමයිනේ"
ඒ අජුම්මා මන් දිහා බලලා හිනා වෙලා ඇහුවා.....මාත් මොනා කරන්නද...ආපිට හිනා වෙලා එයාට ආචාර කරලා අපි හොදින් කිව්වා.....
"හරි ඔය කෙල්ල දැන් දැනුම්තේරුම් තියන කෙල්ලෙක්නෙ....මන් කියන්න ආපු දේ කෙලින්ම කියන්නම්"
ටිකක් බැරෑරුම් මූනක් හදාගෙන එයා ඒක කියපු විදිහට මොනා උනත් ඒක එච්චර සුභ දෙයක්නම් නෙමෙයි කියන එක මට තේරුනා.....
"මේකයි ළමයි....මන් සෝල් ළමා ආරක්ෂක සංවිධානයෙන් ආවේ....භාරකාරයො නැති ළමයි වෙනුවෙන් ක්‍රියා කරන්න තමයි අපේ සංවිධානේ තියන්නෙ......ඉතින් ඔය දෙන්නගෙ භාරකාරයා විදිහට හිටපු මිස්ට ජියොන් සේජන්ග් මේ වෙනකොට සිරගත වෙච්ච නිසා අපිට ඔයාලා ගැන ඇක්ෂන් එකක් ගන්න සිද්ධ වෙන්වා....ඉතින් ජියොන් හේයොන් ඔයාට වයස අවුරුදු 19ක් නිසා ඔයා රජයේ පිළිගත් පුරවැසියෙක්... ඒ උනාට ජියොන් ජන්ග්කුක් කියන්නෙ අවුරුදු 15ක ළමයෙක්....ඔයාට තේරෙනවා ඇතිනෙ මන් කියන දේ....ඒ නිසා අපිට ජියොන් ජන්ග්කුක්ව ළමා නිවාසෙකට භාර දෙන්න සිද්ධ වෙනවා"
එක පාට්ට ඔලුව උඩ හෙණ ගෙඩි හත අටක් පිපිරුවා වගේ දැනෙද්දි මාව ඉබේම වගේ වාඩිවෙලා හිටපු තැනින් නැගිට්ටුනා.....අනී අන්ද්වේ......බෑ බෑ කුකීව දෙන්නෙ නෑ......මෙතන්ට සක්‍රයා ඇවිල්ලා කිව්වත් මගෙ කුකීව කොහෙවත් අරන් යන්න දෙන්නෙ නෑ....මගෙ ඇස්වල අයෙමත් කදුළු....මේ වේදනාවල ඉවරයක් නැද්ද දෙයියනේ....මොන වැරැද්දකටද මගෙන් මෙහෙම පලි ගන්නෙ.....
"නෑ....නෑ......මන් යන්නෙ නෑ මගෙ නූනව දාලා...මට බෑ.....නූනා.....මේ ගොල්ලොන්ට කියන්නකො කුකීට එයාලත් එක්ක එන්න බෑ කියලා.....කුකී ඉන්නෙ නූනත් එක්ක විතරයි කියලා....."
"ඔයාලට එයාව එක්කන් යන්න බෑ....එයාව දෙ...දෙන්නෙ නෑ.....ඒ මට තියන එකම වස්තුව....අනේ එයාව ග්..ගෙනියන්න දෙන්න බෑ......"
කුකීව තද කරලා මගේ තුරුලට ගන්න ගමන් මන් ඇවිල්ලා හිටපු ඔක්කොටම ඇහෙන්න කෑ ගැහුවත් ඒ එක වචනෙකින්වත් කිසිම ප්‍රයෝජනයක් උනේ නෑ......ඔයා ඔම්මටයි අප්පටයි පොරොන්දු උනා කුකීව ළගින් තියන් පරිස්සන් කරනවා කියලා....මගෙ ඔළුව ඇතුලෙන් ඒ දේවල් මට ඇහෙන්න පටන් ගත්තා....
![](https://img.wattpad.com/cover/288930250-288-k935475.jpg)
YOU ARE READING
Without me
Fanfictionලස්සනට ගලාගෙන ගියපු ජීවිත එක පාරටම විනාස කරපු කුණාටුවක්.. තමන්ගෙ ජීවිතේම තමන්ගෙ මල්ලි වෙනුවෙන් කැප වුණු ආදරණීය සොයුරියක්.. තමන් වෙනුවෙන් කැප වුණු සොයුරියට පනටත් වඩා ප්‍රේම කරන සොයුරෙක්.. බාධක මැදින් හුස්ම අල්ලන ජීවිතත් එක්ක අභියෝග වලින් පිරුණු කතාවක...