"නූනා අපි පැනලා යමුද"
කුකී එක පාට්ට එහෙම ඇහුවම මාව උඩගියා....අපිට පැනලා යන්න පුළුවන් කුකී ඒත් ඔයාට දුක් විදින්න වෙයි...මට බෑ ඔයාට දුක් විදින්න දෙන්න...මන් කොහොමහරි මේකට වෙන ක්‍රමයක් හොයාගන්නම්කො....
"අනේ මගෙ මැණික....පැනලා ගියොත් ඔයාට ගොඩක් දුක් විදින්න වෙයි මැණික...කන්න නැතුව වැස්සකට ඉන්න වහලයක් නැතුව...කොහොමද කියන්නකො මගෙ කුකී ඒ දේවල් දරා ගන්නෙ....මන් හිගා කාලා හරි ඔයාව ජීවත් කරවනවා කුකී....ඒත් මට ඔයාට එහෙම දුක් විදින්න දෙන්න බෑ...ඒ හින්දා ඉවසන්නකො පන ම්ම්ම්"
කුකී ආයිත් මගෙ උණුහුමට ගුලිවෙලා මාව තද කරලා බදාගත්තා...හෙට ඒ මිනිස්සුන්ගෙ කකුල් දෙක අල්ලලා වැදලා හරි තව දවස් දෙකතුනක් ඉල්ලගන්න පුළුවන් උනොත් මන් නැති භාරකාරයෙක් හදලා හරි කුකීව මන් ලග තියාගන්නවා...
ළා එළියක් මූනට වැටෙද්දි මන් ඇස් ඇරලා බැලුවා..මොකක් උ...උදේ වෙලාද..පෝන් එකත් අතේ තියන් සීතල පොළවෙ මන් ඊයෙ හිටපු විදිහටමයි හිටියේ...ඒ කියන්නෙ මට ඊයෙ රෑ එහෙම්ම නින්ද ගිහිල්ලද...කුකී මගෙ ඔඩොක්කුවෙ ඔලුව තියාගෙන මගෙ ඉන වටෙන් අත්දෙකත් දාගෙන මාව තුරුල් කරන් සීතල පොළවෙ ගුළිවෙලා නිදි....මන් කුකීගෙ ඔළුවත් අතගාලා නලලෙන් කිස් එකක් තියලා ළග තිබ්බ පුටු කොට්ටයක් ඇදලා අරන් කුකීගෙ ඔළුව ඒක උඩින් තිබ්බෙ මේ කොල්ලව උස්සලා ඇදෙන් ගිහින් තියන්න තරන් පනකටක් මට නැති හින්දා....ආයිත් පාරක් කුකීගෙ හිස්මුදුනෙන් හාදුවක් තියලා මන් දුවන් ආවෙ කාමරේට....මන් දැන් මොකද කරන්නෙ...කොහොමද මට නින්ද ගියේ...බෑ මට කුකීව කාටවත් ගෙනියන්න දෙන්න බෑ....අනේ මන් මොකද්ද දෙයියනේ කරන්නෙ....මගෙ අත කෙලින්ම ගියේ බෙල්ලෙ දාන් හිටිය මාලෙට...බෑ...මන් පොරොන්දු උනා මොන දේ උනත් එකට ඉන්න....මගෙ කුකී මගෙන් ඈත් වෙනකන් මන් බලන් ඉන්නෙ නෑ....මගෙ ඇස් දෙකෙන් කදුළු වැටෙනවා...ඒ වෙන මොනා හින්දවත් නෙමෙයි කුකී මාව දාලා යයි කියන බයට....එදා ඇක්සිඩන්ට් එක වෙලාවෙ එයාලා මට නැතිවෙයි කියලා හිතේ ඇති වෙච්ච බය දැන් ආයිමත් මගෙ හිතේ හොල්මන් කරන්න පටන් අරන්...
මන් පිස්සුවෙන් වගේ එහෙ මෙහෙ දුව දුව කුකීව පරිස්සන් කරගන්න දගලද්දි එක පාට්ටම මාව හිටපු තැන නතර උනේ ගෙදර ඉස්සරහා දොරට කවුරු හරි තට්ටු කරනවා ඇහිච්ච නිසා....එතකොට ඒ එයාලද...මගේ කුකීව මගෙන් උදුරගන්න ආපු රාක්ෂයොද.....නෑ දොර අරින්න එපා හේයොන්....ඔයාගෙ කුකීව කාටවත් අරන් යන්න දෙන්න එපා....මන් ඉක්මනට දුවලා ගියේ කුකී හිටපු තැනට...මේ මුකුත් දන්නෙ නැතුව මගෙ පැටියා සනීපෙට නිදි....
"කුකී....මගෙ මැණික නැගිටින්නකෝ....අනේ කුකී ඉලොනා...පල්ලී"
මන් කුකීගෙ ඔළුව අත ගාන ගමන් කියද්දි කුකී ලාවට කෙදිරි ගගා එක ඇහැක් ඇරලා බැලුවා...
"කෝ....නූනාගෙ හොද කොල්ලා වගේ නැගිටින්නකො පැටියෝ"
මන් කියද්දි කුකී හිමීට කෙදිරි ගාලා හිමීට ඇස් ඇරියා.....අනේ මගෙ හා පැටියා...මන් කොහොමද අනේ මගෙ පැටියව හිතක් හදන් කාටවත් ගෙනියන්න දෙන්නෙ..මන් කුකීව ඉක්මනට කෙලින් කරගෙන අතින් ඇදගෙන කෙලින්ම දිව්වෙ අල්මාරිය ගාවට.....ඉක්මනට කුකීව අල්මාරිය ඇතුලට දාලා දොර වහපු මන් ආපහු දොර ගාවට ගියේ අර රාක්ෂයො ටික තාම ඉන්නවද බලන්න...මන් හිමීට දොර ඇරලා මගෙ ඔළුගෙඩිය එලියට දාලා බැලුවෙ ඒ මිනිස්සු ගිහින්ද බලන්න...ඒ උනාට මන් දැක්කෙ මන් දිහා බලන් ඉන්න අර අජුම්මායි තව හයේ හතරෙ යෝධයෝ වගේ දඩාර මිනිස්සු ටිකකුයි...
"මිස් ජියොන් හේයොන්....අපි ඇතුළට එන්නද.. මූනෙ කිසිම හිනාවක් නැතුව ඒ ගෑනු කෙනා මගෙ මූනට එබිලා අහද්දි මට කරකියාගන්න දෙයක් නැති උනා....
මගේ අවසරේකින් තොරවම ගේ ඇතුලට ආපු ඒ අජුම්මා ගේ වටේම හොදට ඇස් යවලා මන් දිහා බැලුවෙ සැකෙන් වගේ...
"ඔය දෙන්නා ඊයෙ මරාගත්තද"
කෑලි වෙලා තියන පුටුයි...බිදිච්ච වීදුරුයි දිහා බලන් එයා මගෙන් අහද්දි මන් මුකුත් නොකියා වෙන පැත්තක් බලන් හිටියා....
"කොහෙද එයා...කෝ අර පොඩි ළමයා"
ඒ අජුම්මා අහද්දි මන් කියපු කිසිදෙයක් ඇහුනෙ නෑ වගේ හිටියේ කුකී මේ වෙලාවෙ එළියට නම් එන්න එපා කියලා හිතින් දහස් වාරයක් ප්‍රාර්ථනා කරන ගමන්...
"ළමයො මන් ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවෙ..."
අර අජුම්මා මන් දිහා බලන් දැඩි විදිහට කියද්දි මන් හිමීට එයා දිහා බලුවා..
"කූ ...කී එ එයා පැ..නලා ගි..හිල්ලා"
.
.
.
~By crazyarmygirls~
___________________________________
Vote & comment pls
To be continued~
YOU ARE READING
Without me
Fanfictionලස්සනට ගලාගෙන ගියපු ජීවිත එක පාරටම විනාස කරපු කුණාටුවක්.. තමන්ගෙ ජීවිතේම තමන්ගෙ මල්ලි වෙනුවෙන් කැප වුණු ආදරණීය සොයුරියක්.. තමන් වෙනුවෙන් කැප වුණු සොයුරියට පනටත් වඩා ප්‍රේම කරන සොයුරෙක්.. බාධක මැදින් හුස්ම අල්ලන ජීවිතත් එක්ක අභියෝග වලින් පිරුණු කතාවක...