දූනිට සොලී...

Начните с самого начала
                                    

බෑ වස්තුවේ ආයිමත් ඔයාට මෙහෙම නාස්ති වෙන්න දෙන්න බෑ... මං එහෙමම තව ලඟට ගිහින් ඒ උරහිසින් දෝතම යවලා බණ්ඩියත් පරිස්සම් කරන් එයාට තුරුලු වුණා..

"අහ්.. එහාට යනවා..."

"ම්හු..."

"චහ් පැත්තකට වෙනවා ජන්කුක්..."

"බෑ.."

"කියන දේ තේරෙන්නෙ නැද්ද එහාට වෙනවා හලෝ..."

දෙයියනේ මේ දරුවා ගැනවත් ඔයාට වගක් නැද්ද රත්තරන්.. අනේ මෙච්චර රිද්දන්න එපා වස්තුවේ... මේ අපේ දරුවනෙ.. මාව එපානං අඩුම තරමෙ එයා ගැනවත් හිතන්න මහත්තයෝ...

මේ නොදරුවා මොනව කරාටද කොල්ලත්තෙක්ක කතා නොකරන්නෙ.. කොල්ලව යන්තම්වත්  නොඅල්ලන්නෙ... ඇස් දිගට එක සීරුවට කඳුළු උතුරද්දි මං හූල්ල හූල්ලම බිම බලාගෙන හිතුවා..

"එක තප්පරයක්.. එකම එක තප්පරයක්... ඔයාව දරුවට දැනෙනකල් විතරක්..."

"මට ආයෙ ආයෙ කියන්න තියන්න එපා ජන්කුක්.."

"අනේ අපිට මෙහෙම කරන්න එපා.. මගෙ දරුවා.. මගෙ දරුවා දඟලන්නෙ නෑ රත්තරන්.. මට බයයි දෙයියනේ... පිං අයිතිවෙයි එයාට කතා කරලා බලන්න හ්‍යොං.. අනේ මගෙ දරුවා..හ්"

ඔව් එයා බැනලා ගියත් හරි කොල්ලගෙ එකම එක හෙලවීමක්වත් නැතිතැන මං හිටියෙම පපුව පිච්චි පිච්චි.. කොච්චර කතා කරත් අතගෑවත් පුතා නෙවෙයි යන්තමටවත් හෙල්ලුනේ දැඟලුවේ..

"අනේ එයා ඊයෙ ඉදම්ම දඟලන්නෙ නෑ මහත්තයෝ..."

කොච්චර මුරණ්ඩුකමට හිටියත් මගෙ වචනත්තෙක්ක ඒ ඇස් ඕනෙවටත් වඩා ගැස්සුනා... ඒ පපුව ගැහෙන වේගෙ නොසෑහෙන්නම වැඩි උනා.. එයා හරි ඉක්මනට හැරිලා ඒ වෙව්ලන ඇඟිලිතුඩු හිමීට බණ්ඩිය උඩට තද කරා... නෑ කොල්ලා කකුලක් ගසන්නෙවත් නෑ..

"පුතේ..."

"......."

"චූටි පුතේ..."

"......"

"මගෙ පුතූ... ඇයි රත්තරන් මේ??"

දෙයියනේ මට ඇඬුනා.. අනේ මට කෑගැහිලම ඇඬුනා... කිසිම කිසි හැලහොල්මනක් නැතුව හිටපු කොල්ලා ඕනෙවටත් වඩා දඟලන්න ගන්නකොට අනේ මට සද්දෙන්ම කෑගැහිලා ඇඬුනා..

Love Me Like You Do || Complete || ✅Место, где живут истории. Откройте их для себя