පලිගැනීම

550 119 87
                                    

රෑ එකොළහ පහු වෙලත් තාමත් හ්‍යොං ඇවිත් නැති එක ගැන හිත හිත හිටපු මං එක පාර ගැස්සුනේ ජනේලෙ ලඟ කාගෙම හරි හෙවනැල්ලක් එහෙ මෙහෙ වෙනවා දැනුන නිසා..

බැල්කනි එකේ බැම්මෙ ඉදන් ඇතුලට පැන්න ඒ කෙනා ටිකක් වෙලා යනකල්ම කිසි සද්දයක් නොකර එහෙමම හිටියා.. කවුද කියලා අහගන්නවත් හයියක් නැතිකමට මං ඩුවට් එක අස්සටම රිංගගෙන වෙව්ලන ඇඟිලිතුඩු වලින් ඇස් වහගත්තා..

ආපු කෙනා කවුරු උනත් දොරේ එල්ලිලා තට්ටු කරන්න ගත්තෙ මාව බයටම ගල් ගැහිලා යද්දි.. හොරෙක්නම් දොරට තට්ටු කර කර එයිද.. එදා හ්‍යොංවයි මාවයි මරන්න හදපු මිනිස්සුන්ව පවා මට මැවි මැවී පෙනුනා.. මං තව තවත් ඩුවට් එක අස්සටම ගුලි ගැහුනා.

"මැණික..හ්... මගෙ පණ..."

දෙයියනේ ඒ එයා...

"සොයා යන්නේ එළිය අඳුරක
කියා දෙන්නේ රහස දිවියක
සිනාසෙන්නේ සොවින් හිත යට
නොයා ඉන්නේ නුඹව අතහැර

රත්තරනේ නුඹ මගේ පණ නිසා...
සිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා...

තව ටික දවසයි ඇත්තේ
නුඹ හැර යන්නට සිත් සේ
නුඹයි මගේ හිත මත්තේ
මටත් හොරා හිත පත්ලේ

දරාගන්නේ රහස අඳුරක
සිතා උන්නේ තනිව හිත යට
රසය දුන්නේ ඔබය දිවියට
සිතේ ඉන්නේ ඔබය පහසට

රත්තරනේ නුඹ මගේ පණ නිසා...
සිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා..."


හ්‍යොංගෙ වේදනාබර කටහඬට මාව එහෙමම ගල් ගැහුනා.. අඬලම හුස්මක් ඇද ගන්න පවා බැරිවෙද්දි කොට්ටෙ වතුරෙන් පොඟවපු ගානට තෙමිලා තිබුනා...

පපුව මැද්දෙම හෙණ පුපුරණවා වගේ ඇහුණ වචනයක් ගානෙම පපුව රිදුම් දෙද්දි මං ලේ පනිනකල් තොල හපාගෙන ඉකි ගැහුවා..

"අනේ ඕක නවත්තන්න හ්‍යොං.. පිං අයිතිවෙයි ඕක නවත්තන්න.."

මං කෑගැහුවා.. හුස්ම ඇදම කෑගැහුවා... මාත් මනුස්සයෙක් දෙයියනේ කොහොමද මෙච්චර වේදනාවක් දරාගන්නෙ..

Love Me Like You Do || Complete || ✅Waar verhalen tot leven komen. Ontdek het nu