ආපහු ඇමරිකාවට

570 123 144
                                    

"අප්පා... එන්නකූ.... දූනිට බයයිනෙ... ම්හු ම්හු... එන්නකූ..."

"ඕ.. ඕ... මේ එනවනෙ මැණිකෙ.. චුට්ටක් ඉන්නකෝ... අයියෝ.. අඬනවනෙ ඉතිං... බොරු හුරතලේ මගෙ.."

මං රාම්‍යොන් එකත්තෙක්ක රූම් එකට යද්දි කෙල්ල වොශ්රූම් එකේ දොර ලඟ බිම ඉදගෙනම අඬනවා.. එයා ඇතුළෙ ඉදන් දාහක් ජාති මුමුණ මුමුණ දෝනිව නලවගන්න ට්‍රයි කරනවා...
පව් කෙල්ලට ඒ හුස්ම චුට්ටක් මගෑරුනත් ඇති.. මං දුවන් ගිහින් කෙල්ලව පපුවට වෙන්න වඩාගෙන දෙතුන් වතාවක් එහෙට මෙහෙට වෙවී නැලෙව්වා..

"නූහ්.. ස්සුදු මැණික... කෝ.. ඔයා ඉන්නවා නේද??.."

චුට්ටක් වෙලා යනකල්ම කෙල්ලගෙන් සද්දයක් නැතිතැන එයා ටිකක් කලබල කටහඩකින් කෑගැහුවා... කෙල්ල හිටපු ගමන් තනියම රූම් එකෙන් එළියට දුවනවා.. පඩිපෙල පේනමානෙම තියන නිසා හ්‍යොං හරි බයයි...

"එයා මං ලඟ හ්‍යොං.. ඔයා හිමීට එන්න..."

මගෙ පපුව අස්සෙ ඔලුව ඔබාගෙන බාගෙට පියවෙච්ච ඇස්පිල්ලම් අර චුට්ටන් රෝසපාට අතෙන් පොඩි කර කර කෙල්ල කුනුකුනු ගාද්දි මං දොරට අත තියාගෙන හිමින් මිමිණුවා..

"නිදිද? හීනයක්වත් දැක්කද දන්නෑ.. මං යද්දි හොඳටම නින්ද ගිහින් තිබුනෙ.."

දරුවව ඇද කෙලවරකින් නිදි කරවන් චුට්ටක් ඒ ඔලුව අතගගා ඉද්දි හ්‍යොං ලඟටම ඇවිත් කෙල්ලව ඉඹින ගමන් මිමිණුවා.. ඒත්තෙක්කම ඒ තොල් හීනියට මගෙ නළල මැද්දෙනුත් ගෑවීගෙන යද්දි අනේ මට සද්දෙන්ම ඉකිගැහුනා.. ආයෙ කවදද?? ආයෙ කවදද රත්තරනේ...

"අඬන්න එපා මැණික.. ඔයා ඔහොම ඇස්වල කඳුළු පුරවගද්දි මං කොහොමද උහුලගෙන යන්නෙ..."

ආපහු එන්න යන ගමනක්නම් සිය වතාවක් හිනාවෙලා යන්න දෙන්න තිබුනනෙ මහත්තයෝ.. ඒත් ආයෙ කවදාවත් එයිද කියලවත් නොදැන මේ සුවඳ විදින්න හම්බෙයිදවත් නොදැන යන්න දෙන්න කියද්දි අමු අමුවෙම පපුවෙන් කෑල්ලක් ඉල්ලනවා වගේනෙ රත්තරන්.. මට රිදෙනවා.. මහ හුඟක් රිදෙනවා...

"මෙ.. හ්.. මේක හීනයක් නේද හ්‍යොං... මාව ඇහැරවන්න.. අනේ මට බයයි.. මං මේ හීනෙට බයයි මාව ඇහැරවන්නකො.."

Love Me Like You Do || Complete || ✅Where stories live. Discover now