මෝචි සුවඳ නූමි

664 113 114
                                    

"මං ඌව මැරුවා ටේ.."

දෙයියනේ... රෑ කෑමට පහළට ගාටන ගමන් හිටපු මං බැල්කනිය කෙලවරකින් ඇහුන කටහඬට එහෙමම ගල් ගැහුනා.. එයා.. දෙයියනේ එයා මිනියක් මරලා... ක්.. කාවද මරලා තියෙන්නෙ? මොකටද??
පපුව ගැහෙන්න ගත්තු වේගෙ මටම දරාගන්න බැරිවෙනකොට මං එහෙමම පපුව මැද්දට අත හිරකරන් ලඟ තිබුනු බිත්තියට වාරු වුණා.. මාව වෙව්ලනවා.. වතුරෙන් ගොඩදාපු මාළුවෙක් ගානට වෙව්ලනවා...

"වට් ද ෆක්.. මං උඹට කිව්වා චිම්..."

"බයවෙන්න එපා බං.."

මොනවද දෙයියනේ මට මේ ඇහෙන්නෙ? ඔයා ඒ පාර මිනී මරන්නත් පටනගත්තද රත්තරනේ.. එයා ඉන්නෙ කාත්තෙක්කද? කරන්නෙ මොකක්ද කියන සේරම අමතක වෙද්දි මගෙ හිත පිස්සුවෙන් වගේ කෑගැහුවා...
හුස්මක් ගානෙම පපුව හිරකරන්න ගද්දි මං යාන්තමට දිවෙන් තොලකට තෙමාගෙන හරි බරට පපුව අතගාගත්තා..

"බය වෙන්න එපා කියන්නෙ.. බොඩී එකහ්.. උඹ බොඩී එකට මොකක්ද කරේ??"

"හහ්.. මං මෝඩයෙක් නෙවෙයි ටේ.. මිස්ටි කියන්නෙ නෝවාගෙ අම්මා.. කෙල්ල ඉන්නෙ අපිත්තෙක්ක එහෙ.. අමු අමුවෙ නියපොත්තෙ ඉදන් ගලවලා මිස්ටිගෙ කූඩුවට ගිහින් දැම්මෙ බල්ලව. එතකොටත් පණ තිබ්බා ඒකට... තිරිසනා.."

එයා වේගෙන් බැල්කනි බැම්මට මිටමොලවන් ගහන ගමන් කෑගැහුවා.. කාටද මේ බනින්නෙ? මෙච්චර කේන්තියක්.. පණපිටින් මනුස්සයෙක්ට ඔච්චර වේදනාවක් දෙන්න තරම්.. දෙයියනේ මාව අංශුවෙන් අංශුවට ගැහුනා...

"ච්..චිම්.. උඹ.හ් උඹට මොකක්ද බං මේ උනේ...? උඹ රේස් එකක් පැදලා ක්ලබ් එකට ගිහින් ආතල් එකේ ජීවත් වෙච්ච කොල්ලෙක් චිම්.. යුංගිලා ජුනී හ්‍යොංලා එක්ක මං උඹව සසදනවා නෙවෙයි... එයාලා ඉස්සර ඉදන්ම කරේ මේක. එයාලගෙ රස්සාව මේක.. එයාලගෙ හොබී එක මේක... ඒත් උඹ.. අනේ උඹට මෙහෙම කරපු උන්ට මැරෙනකම් විදවන්න තියෙන්න ඕනෙ.. මැරෙනකම්ම..."

"එපා බං... එපා එහෙම කියන්න.."

ටේ හ්‍යොං හිටියෙ කේන්තියෙන්.. වේදනාවෙන්... ඒ කටහඬ වචනෙන් වචනෙට වෙව්ල වෙව්ල හ්‍යොංගෙ ඔම්මගෙ අප්පගෙ ඉදන් මරපු මිනිස්සුන්ට විදවන්න වෙන්න ඕනෙ කියලා යදිද්දිත් එයා ගල් හිතක් තියන මිනිහෙක් වගේ එහෙම කියන්නවත් එපා කිව්වා..

Love Me Like You Do || Complete || ✅Onde histórias criam vida. Descubra agora