Chapter 22

245 70 15
                                    


වොඩ්කා බෝතලේ අතට අරන් වාහනේ දොර හයියෙන් වහපු හෝසොක් චිම්ස් කිචන් කියලා නාම පුවරුවක් තියන ගොඩනැගිල්ල ඉස්සරහට ගියා. ටික වෙලාවක් ඒක ඉස්සරහා බලාගෙන හිටපු හෝසොක් ඒක ඇතුලට යන්න තැනක් හොය හොය ඉන්නේ නැතුව එතන තිබ්බ අලංකාරෙට හදලා තිබ්බ ලී වැට උඩින් පැනලා ජිමින්ගේ රෙස්ටෝරන්ට් එක ඇතුලට ගියා. රෙස්ටෝරන්ට් එක ලොකුයි කියලා තේරුන හෝසොක් ඒක වටේටම වටයක් ඇවිද්දත් එයාට ඒක ඇතුලෙන් කවුරුත් හොයාගන්න පුලුවන් උනේ නෑ. අතේ තිබ්බ වොඩ්කා පුරවපු වතුර බෝතලේ පොළොවේ ගහපු හෝසොක් ආව කේන්තියටම මේසයක් උඩ නවලා තිබ්බ පුටුවක් බිමට ඇදලා දැම්මේ එයාගේ කේන්තිය ඒක පිටින් යවන ගමන්.

හෝසොක් රෙස්ටෝරන්ට් එකෙන් ආවේගෙන් එලියට එද්දි එයා දැක්කා එයා එලියට එන්න කලින් කඩලා දාපු, දොර කියලා හිතන්න පුලුවන් තැන ලොකු පොඩි අකුරු දෙකෙන්ම ලියලා තිබ්බ දැන්වීමක්. ඒකේ හැටියට නිදහස් දින සමරුව වෙනුවෙන් දවස් දෙකක් රෙස්ටෝරන්ට් එක වහලා තියනවා කියලා දැක්ක හෝසොක් ඒ දැන්වීම පාගගෙනම එතනින් එළියට යන්න ගියා.

එහෙ මෙහෙ ඇවිද ඇවිද තේහ්‍යොන්ග්ව හොයපු හෝසොක්ට සැරින් සැරේ කාර් එකට ගිහින් වොඩ්කා බෝතලේ තිබ්බ දියරය හොරෙන් බොන්න උනේ එයාට එළිපිට ඒක බොන්න පුලුවන් කමක් තිබ්බේ නැති හන්දා. වතුර බෝතලයක් ගන්න කඩයක් හොය හොය ඇවිදපු හෝසොක් අන්තිමට එයා ටික වෙලාවකට කලින් පහු කරන් ගිය චිම්'ස් කිචන් එක ලගම කඩයක් හොයාගන්න පුලුවන් උනා.

වතුර බෝතලයක් ගත්ත හෝසොක් ඒක අරගෙන කැශිය කවුන්ට එක ළගට එනකොට එයා දැක්කා කවුන්ට එකේ තියන පුටුවේ වාඩි වෙලා එතන ජනේලෙන් එලියේ මිනිස්සු එහේ මෙහේ යන හැටි බලන් ඉන්න ලමයෙක්ව. හෝසොක් ගේ හඩ ඇහුන ගමන්ම ඒ ලමයා පුටුවෙන් බිමට පැනලා කවුන්ට එකේ හිට ගත්තා.

"මගෙන් මොකක් හරි උදව්වක් ඕනෙද ඔය සර්ට?"

"උදව්වක්? "

පුන්චි සූ ඔලුව වනද්දි හෝසොක් එයාගේ අතේ තිබ්බ වතුර බෝතලේ කැශිය එක උඩට දාලා එයාගේ වැලමිට මේසෙට බර කරලා සූගේ මූණට එබුනා. දාඩිය පෙරාගෙන, යකෙක් වගේ තමන්ගේ ඉස්සරහා ඉන්න මනුස්සයා දැක්කම සූට පොඩි බයක් ඇති උනත් එයා ඒක ගැන හිතන්නේ නැතුව හිටියේ ඒ වගේ මුහුදු යන අය එයා සැරින්සැරේ කඩේ ඇතුලෙදි දැකලා තිබ්බ හන්දා.

Safe Haven  |  Tae × Kook  |  Completed Where stories live. Discover now