Chapter 01

684 166 38
                                    

Taehyung's POV

ඔම්මා මාව බස් ටර්මිනල් එකට අරන් එන ගමන් මගෙන් උන දේවල් ඇහුවත් මට ඒ කිසිම දේකට හරියට උත්තරයක් දෙන්න පුලුවන් කමක් තිබ්බේ නෑ. මම හෝසොක්ට පිහියෙන් ඇන්නා කියලා විතරක් ඔම්මට කිව්වට ඊට වඩා දෙයක් මගේ කටින් පිට උනේ නෑ. ටර්මිනල් එක ලගින් බැහැලා මම ඔම්මට හග් එකක් දීලා බිල්ඩින් එක ඇතුලට ඇවිත් කෙලින්ම බාත් රූම් එකකට ගියේ මගේ ඔලුව හෝදගන්න වෙලාව හරි නිසා.

බාත් රූම් එකෙ කට්ටියට යනකන් ඉදලා මම සින්ක් එකට ඔලුව පහත් කරලා මගේ ඔලුව හෝදලා දැම්මා. ආයේ කොන්ඩය ඩයි කරනවා කියන අදහසින් මම දාගෙන ආව අයිස් කැප් එකේ අනිත් පැත්තෙන්ම කොණ්ඩය පිහදාලා හෑන්ඩ් ඩ්‍රයර් එකට ඔලුව අල්ලලා කොණ්ඩය වේලගත්තා.

එක පාරටම බාත් රූම් එකට ආව කෙනෙක් නිසා ඇති උන සද්දෙට  මම ගැස්සිලා ඔලුව බිත්තියේ වැදුනත් මම ශේප් එකේ ඔලුව ඩ්‍රයර් එක ලගින් අරගෙන ඒ මනුස්සයා දිහා බලලා මෝඩ හිනාවක් දැම්මේ එයාට මගේ ගැන සැකයක් ඇතිවෙන්නේ නැතිවෙන්න.

"වැස්සට තෙමුනා. දන්නවනේ ම්-මේ වැස්සේ සීතල හ්-හැදුනොත්...."

මම කියනදේ අහන්නේ නැතුව එයා කියුබිකල් එකක් ඇතුලට ගියාම මම ඉක්මනට බාත් රූම් එකෙන් එලියට ඇවිත් කැශියර් එකට ගියේ බස් ටිකට් එකක් අරන් පුලුවන් තරම් ඉක්මනට නිව් යෝර්ක් වලිම් ඈතට යන්න හිතාගෙන. බස් රූට් ගැන තිබ්බ ඩිස්ප්ලේ එකෙන් දැන්ම යන බස් එක බලලා මම ඇට්ලන්ටා වලට යන බස් වලට ටිකට් දෙන කවුන්ටර් එකෙ පෝලිමට ගියා.

පෝලිමේ එක දෙක ඉස්සරහට  යනකොට මම දැක්කා කැශියර් එක ලග කැමරා එකක් තියනවා කියලා. හූඩි කැප් එක ඔලුව වැහෙන්නම දාගෙන මම මූණ බිමට හරවගත්තේ හෝසොක් පොලීසියේ කෙනෙක් නිසා එයා සම්බන්ද කිසිම දෙයක් කවුරුත් ලේසියෙන් අත අරින්නේ නෑ කියලා දන්න නිසා. පෝලිමේ මගේ වාරය ආව ගමන්ම මම ඉක්මනට ඇට්ලන්ටා ටිකට් එකක් අරන් බස් එක නවත්තලා තියන තැනට දුවගෙන එන්න එනකොට මට ඇහුනා පොලිස් සයිරන් එකක් ලග ලගම එනවා කියලා.

දුවන එක නවත්තලා මම වීදුරු බිත්තියෙන් එලියේ බැලුවම මම දැක්කා ටර්මිනල් එන්ට්‍රන්ස් එක ලගම නවත්තපු පොලිස් කාර් එකකින් පොලිස් ඔෆිසර් කෙනෙක් බහිනවා. කාර් එකෙන් එලියට ආව පොලිස් ඔෆිසර් කවුද කියලා අදුරගන්න වැඩි වෙලාවක් ගියේ නැති මම ඉක්මනට බස් එකට දුවලා ආවේ මම තව එක මොහොතක් පරක්කු උනොත් මාව බෙල්ල මුලින්ම අහු වෙනවා කියලා දන්න නිසා.

Safe Haven  |  Tae × Kook  |  Completed Where stories live. Discover now