Chapter 04

466 148 27
                                    

Taehyung's POV


  මම වහලා දාලා තිබ්බ ජනේලය ඇරලා දාලා තියනවා දැක්කම මගේ හිතේ ලොකු බයක් ඇති උනා. ජනේලය ඇතුලෙන් එන හුලග අමුතු බය හිතෙන සද්දයක් එක මාව බය කරද්දි  ඒ හුලගට දැනුන සීතල මාව පිස්සු වැට්ටෙව්වා. මම ඉක්මනට ගිහින් ජනේලය වහලා දානකොට සීතලයි, හුලන් සද්දෙයි නැවතුනත් මගේ බය නැති උනා නෑ. වැහුන ජනේලය දිහා බලාගෙන මම පස්සෙන් පස්සට එනකොට කවුරු හරි මගේ කකුලෙ වලලුකරෙන් අල්ලනවා  දැනෙද්දි මට පුලුවන් උනේ ගිරියටින් කෑගහන්න විතරයි.

ලී බිමේ තිබුන දිරපු තැනකින් මගේ කකුල ගිහින් කියලා දැක්කම මට තේරුනා මම හිතපු තරම් බය වෙන්න දෙයක් නෑ කියලා. කකුල ඇදලා ගන්න ගිහින් මම ලොකු ලී කැල්ලකුත් කඩාගෙන ආවම මම දැක්කා කිචන් එකේ බිම හොදටම දිරලා මඩ වෙලා කියලා. ආයේ හෙමින් හෙමින් ඇරෙන ජනේලය මට ජනෙල් එකේ ලොක් එක වැඩ නෑ කියලා කියනකොට හෙටම ගිහින් ඒක හදාගන්න බඩු ලෑස්ති කරගන්නවා කියලා මම හිතුවා.

ජිමින් මට උදේ එන්න කියපු වෙලාවටත් කලින් මම රෙස්ටෝරන්ට් එකට ගියා. වේටර් ජොබ් එක ලේසියි කියලා හිතුවට සෙනග ගොඩක් එනකොට හැමදේම හිතුවට වඩා අමාරු උනේ මට මේ ගැන කලින් කිසිම පුහුණුවක් තිබ්බේ නැති නිසා. ඒත් ජිමින් මට කෑ ගහනව වෙනුවට හැමදේම මට කියලා දුන්නා.

"ටේබ්ල් එකේ තියන කාලා ඉවර උන ප්ලේට් එවලෙම අයින් කරන්න ඕනේ ටේ."

"හරී."

"කෑම අරන් ඉවර උන හැම කස්ටමර් කෙනෙක්ගෙන්ම තව මොනවා හරි ඕඩර් කරනවද කියලා එක පාරක් අහන්න. එක පාරට වඩා අහන්න බෑ."

"තේරුනා මට."

"හැම වෙලේම එක ටේබ්ල් එකක් හරි වේකන්ට් කරගන්න බලන්න. මොකද හදිසියී කවුරු හරි ආවොත් අපිට ටේබ්ල් නෑ කියන්න බෑ. .."

ජිමින් කිව්ව දේවල් ඔක්කොම තේරුම් අරන් මම එයා කිව්ව විදිහට වැඩ කරා. පලවෙනි දවසම හිටගෙන ඉදලා ඉදලා හවස හතරට ඕෆ් වෙද්දි මගේ කකුල් දෙක නෑ නෑ වගේ කියලා හිතුනත් සල්ලි වෙනුවෙන් මම මේ ජොබ් එක දිගටම කරනවා කියලා හිතාගත්තා.

ජිමින්ගේ රෙස්ටෝරන්ට් එකෙන් මම ඊලගට හැන්ඩ්ස්ම් බෝයි හිටපු ශොප් එකට ආවේ මට ගෙදරට අඩු පාඩු ගොඩක් තිබ්බ නිසා. මම ශොප් එක ඇතුලට යනකොට කවුරුත් ශොප් එකේ පේන්න හිටියා නැති නිසා මම බකට් එකක් අරගෙන මට ඕනේ කියලා හිතෙන දේවල් එකින් එක ගත්තා.

Safe Haven  |  Tae × Kook  |  Completed Where stories live. Discover now