Chapter 17

242 75 1
                                    





හෝසොක් එයාගේ කාර් එකට ආව ගමන් ලියුම් කවරේ හන්ගගත්ත තැනින් අරගෙන ඒක කියවලා බැලුවා. තේහ්‍යොන්ගේ අත් අකුරු වරදින්න විදිහක් නෑ කියලා එයාට තේරුනම එයා මුද්දරේ ගහලා තියන තැන මුද්‍රාව පේන්න තියනවද කියලා බැලුවට කොහෙන්ද කියලා හරියට අදුරගන්න තරම් ඒක තදින් වැදිලා තිබ්බේ නෑ. ඊලගට කරන දේ කල්පනා කර කර හිටපු හෝසොක් කාර් එකෙන් එලියට ආවේ ආයි හිතේ තිබ්බ කේන්තිය පාලනය කරගන්න පොඩිදු උත්සාහයක්වත් ගන්නේ නැතුව.

හෝසොක් යනකන් ජනේල් තිරය අස්සෙන් බලන් හිටපු මිසිස් කිම් හෝසොක් ආයි එනවා දැක්ක ගමන් ඉක්මනට ජනෙල් තිරය වැහුවා. ඒත් ඒ ක්‍රියාව හෝසොක්ගේ තියුණු ඇස් වලට වහන්න පුලුවන් උනේ නෑ. දොර ලගම තිබ්බ ජනේලෙට හයියෙන් ගහපු හෝසොක් ඊලගට දැක්කේ මිසිස් කිම් ජනෙල් තිරයෙන් එයා දිහා බය වෙලා බලන් ඉන්නවා විතරයි.

"මට බොරු කරන්න ලෑස්ති වෙන්න එපා. මගේ යකා අවුස්සන්නේ නැතුව කියන්න තේහ්‍යොන්ග් කොහෙද?"

"මම දැනගත්තත් තමුන් වගේ තිරිසනෙක්ට මගෙ දරුවා ඉන්න තැන කියන්නේ නෑ හෝසොක්. "

"ඒ මගේ හස්බන්ඩ්."

"තමුසේ මගේ දරුවට වද දුන්න තරම මදිද හෝසොක්?"

"මට ආයි කියන්න ඕනේ නෑ. මේ දොර ඇරලා මට කියනවා තේහ්‍යොන්ග් කොහෙද කියලා. "

"මම දන්නේ නෑ."

"මිසිස් කිම්. මම වොරන්ට් එකක් අරන් ආවට පස්සේ ඔයා නොකියා ඉන්න හැටි අපි බලාගමු."

ජනේලෙටත් හයියෙන් ගහපු හෝසොක් ආයි කාර් එකට ඇවිල්ලා හයියෙන් දොර වහගත්තේ එයාගේ හිතේ තිබ්බ කේන්තිය තවත් වැඩි වෙනවා කියලා එයාට දැනෙනකොට. කාර් එක පාරට දැම්ම හෝසොක් වේගෙන් ආයි පොලිස් ස්ටේශන් එකට එලවගෙන ඇවිල්ලා ඉක්මනට එයාගේ කැබින් එකට යන්න ගියේ වොරන්ට් එකක් ගන්න කියලා හිතාගෙන. ඒත් චීෆ් එයාව නැවැත්තුවා.

"හෝසොක්. මගේ ඔෆිස් එකට. මේ දැන්ම!"

"චීෆ් මට වැදගත් කේස් එකක් තියන-"

"මේ දැන්ම හෝසොක්!"

චීෆ්ගේ මූණ එච්චර හොද පාටක් තිබ්බේ නෑ කියලා හෝසොක්ට තේරුනත් එයා වාඩි වෙනකන් එයා හිතුවේ නෑ එච්චර ප්‍රශ්නයක් වෙලා ඇති කියලා. චීෆ් නපුරු මූණකින් එයා දිහා බලන් හිටියත් හෝසොක්ගේ හිත කිව්වේ මේක ශේප් කරගන්න පුලුවන් කියලා.

Safe Haven  |  Tae × Kook  |  Completed Where stories live. Discover now