Chapter 09

402 129 47
                                    

Taehyung's POV

ජන්ග්කුක් ගියාට පස්සේ මම තීන්ත බාල්දි ටිකත් උස්සගෙන ගෙදරට ඇවිල්ලා ගෙදර දොර ඇරියා. හැමදාම වගේ මම සැකෙන් වටපිට බැලුවත් අදත් කවුරුත් නෑ කියලා තේරුනම මම  ඇතුලට ඇවිල්ලා පුටුව උඩින් වැටුනේ මට හොදටම මහන්සි නිසා. අද ජිමින් මට ඩිනර් එකට ගන්නත් කෑම දුන්න නිසා රෑට මොකුත් හදන්න ඕනේ නෑ කියලා හිතාගෙන මම ටික වෙලාවක් ඉදලා වොශ් එකක් ගත්තා.

වොශ් එකක් ගත්තට පස්සේ මගේ මහන්සිය නැති වෙලා යනකොට මම තීන්ත බාල්දි අරගෙන ඒවා ගාන්න පටන් ගත්තා. මුලදි තීන්ත ඝන වැඩි උනත් මට හිතෙන හිතෙන විදිහට බිම තීන්ත ගානකොට මට පැයක් යන්න කලින් තේරුනා මම වැඩේ වරද්ද ගත්තා කියලා. ඒත් මම වැඩිය ඒ ගැන හිතන්නේ නැතුව දිගින් දිගටම හතර වටේටම තීන්ත ගාලා ඉවර වෙද්දි මට මහන්සි උන නිසා මට හිතුනා අද දවසට ඇති කියලා. ඉතුරු ටික හෙට ගාන්න හිතාගෙන මම දණ ගහගෙන හිටපු තැනින් නැගිටිනකොට මට තේරුනා මම අලුතෙන් ගාපු තීන්ත සාගරයක් මැද දූපතක හිටගෙන ඉන්නවා වගේ හැගීමක්.

ජීවීතේ ගාපු පලවෙනි තීන්ත ටිකම මට ලොකු ලොකු පාඩම් කියලා දෙනකොට මම මැද හිටගෙන ගොඩක් වෙලා කල්පනා කරා තීන්ත ගාගන්නේ නැතුව එලියට අඩිය තියන විදිහ. අන්තිමට එහා කෙලවරේ තිබ්බ පුටුවක් අරගෙන මැදින් තියලා ඒක උඩට නැගලා මම තීන්ත රවුමෙන් කකුලේ තීන්ත ගාගන්නේ නැතුව එලියට ආවත්  පුටුව තිබ්බ තැන කලු පාට පැල්ලම් හතරක් ඉතුරු වෙලා තිබ්බා. ඒ ඔක්කොම දේවල් හෙට දවසට ඉතුරු කරගෙන මම ඇදට ආවේ අද දවසට නිමාවක් දෙන ගමන්.

ඇගේ මහන්සිය නිසාද මන්දා මට ඉක්මනට නින්ද ගියත් හැමදාම වගේ මාව හීනයේ හිර උනා. ඇස් වහගන්න හැමපාරකම හොසෝක් මැවිලා පේනකොට , මට නින්ද යන හැමවෙලේම හෝසෝක් මාව මරන්න එන විදිහ මට මැවිලා පෙනුනා. මගේ හීනෙට ආව හොසෝක් මගේ බෙල්ල හිර කරන්න යනකොටම මම කෑ ගහගෙන නැගිටුනත් මාව ඊට වඩා බය කරන්න ජනේලයෙන් ලයිට් එලියක් ගෙදර ඇතුලට වැටිලා තිබ්බා. ..

මම පුලුවන් ඉක්මනට ඇදෙන් පැනලා ගිහින් කිචන් එකේ මේසේ යටින් වාඩි උනා. මුලු ඇගෙන්ම දාදිය වැටෙනවා කියලා තේරෙනකොට මම මේසේ යටට එන්න කලින් ගත්ත පිහිය අත් දෙකෙන්ම හයියෙන් අල්ලගත්තේ එන කවුරු උනත් මම මරලා දානවා කියන බයත් එක්ක. ඒත් මාව හොදටම වෙව්ලනකොට මට තේරුනා මට ඒ තරම් හයියක් නෑ කියලා.

Safe Haven  |  Tae × Kook  |  Completed Where stories live. Discover now