Chapter 05

467 139 25
                                    

Jungkook's POV

මම යුන්ගි පා එක්ක ශොප් එකට බඩු උස්සන් එනකොට මම දකින්න ආසාවෙන් හිටපු කෙනාව මම දැක්කා. ‍යුන්ගි පා ට තුනට ගණන් කරාට පස්සේ බොක්ස් එක බිමින් තියන්න කිව්වට එයා එක පාරටම ඒක බිමට දානකොට ඒක ඇතුලේ තිබ්බ වීදුරු වල පරිස්සම ගැන මම මගේ හිතෙන් අයින් කරගත්තා. ට්‍රක් එකේ තව බඩු ගොඩක් අරන් එන්න තිබ්බත් දවස් තුනකට කලින් බඩ් එකෙන් ආව ලස්සන කොල්ලා ඉන්නවා දැක්කාම මම ආයේ කැශියර් එකට ආවේ එයාව පරක්කු කරවන්න ඕනේ නැති නිසා.

මගේ සූ එයාගේ නම අහගෙන තිබ්බම මම ඒ නම ආයේ ආයේ හිතෙන් කිව්වේ ඒක මට අමතක වෙයි කියලා බයට. ඔක්කොම බඩු ටික බිල් කරලා ඉවර උනාට පස්සේ ටේවූ එයාගේ බඩු ටිකත් අර ගියාම මම ඒ දිහා බලාගෙන හිටියේ සූ මට ගොඩක් වෙලාවක් ඉදන් කතා කරනවා කියලාවත් දැනේන්නේ නැති වෙන්න.

"පපා. ඔයාට මම කියන දේ ඇහෙන්නේ නැද්ද?"

"කියන්න හනී."

"මම සූබින්ව බලන්න යන්නද?"

"පරිස්සමින්. බෝට් එකෙන් එලියේ ඉදලා අහු උනොත් මම ඔයාලා දෙන්නටම ආයේ යන්න දෙන්නේ නෑ හරිද? "

සූ මම කියන දේවල් අහන්නේවත් නැතුව යන්න ගියාම මම සූ දිහා බලලා ආයේ පාරේ ඈතේ යන ටේවූ දිහා බැලුවා. එයා ආයේ ඉක්මනටම ශොප් එකට ආවෝත් හොදයි කියලා මගේ හිත කියද්දි මම ආයේ මගේ බඩු ටික ට්‍රක් එකෙන් ගන්න යනකොට යුන්ගි පා කොහෙද මන්දා ඉදන් ඇවිල්ලා මගේ ඇගේ වැදුනා.

"සහල් වල ලොක්කා!"

යුන්ගි පා කියපු හැම වචනයකින්ම මාව ලැජ්ජාවට පත් උනත් මම ඒක ගණන් ගන්නේ නෑ කියලා පෙන්නුවා.  ඒත් යුන්ගි පා කට කොනෙන් හිනා වෙද්දි මට තවත් ඉවසන්න බැරි උනාම මම යුන්ගි පාට කෑ ගැහුවා.

"යුන්ගී පා. නවත්තන්නකෝ."

"යමු යමු. ඔහොම යමු. සහල් වල ලොක්කා. මමත් අදමයි ඒක ඇහුවේ!!"

යුන්ගි පා ගේ වචන වලට ලැජ්ජාව දරාගන්න බැරිව මම ඉක්මනට ශොප් එකෙන් එලියට ඇවිල්ලා ආයේ මගේ බඩු ටික අරන් දාන්න පටන් ගත්තා. සැරින් සැරේ මගේ ඇස් පාලම ලග නවත්තලා තියන බෝට් එකේ ඉන්න සූබින් , හන්සූ දිහාට ගියේ දෙන්නා එකතු වෙල මාලු අල්ලන එක නවත්තලා රණ්ඩු වෙන්න පටන් ගනියි කියන සාදාරණ සැකයක් මට ආව නිසා.

Safe Haven  |  Tae × Kook  |  Completed Donde viven las historias. Descúbrelo ahora