අපේ දරුවා

Začít od začátku
                                    

"යාහ්.. එපාහ්.. එපා.. අනේ කෝකද වැඩියෙන් රිදෙන්නෙ?? රිදෙන්නැති විදිහකට ගමු මැණික... අමාරු නැති විදිහකට ගමු.."

එයා මහ කලබලේකින් කියවනවා.. අමාරු නැති විදිහකට පැටියව ගන්නලු.. කොහොමද රත්තරන්...? කොයි විදිහත් අමාරුයි වස්තුවේ.. බණ්ඩිය කැපුවත් මාස ගානක් විදවන්න ඕනෙ.. චූටි සිදුරකින් බෝල පැන්ඩෙක් එළියට ඇදගන්න එක වුනත් ලේසියක් නෙවෙයි..

"යා.. ඔයා හැමතිස්සෙම රස රස කෑම ගෙනත් ගොඩ ගොඩ කව්වනවනෙ.. ඉතිං කාලා කාලා තමයි කොල්ලා බෝල වෙලා තියෙන්නෙ..."

"හහ්.. මෙන්න වැඩක්... කන්නෙ කවුරුවත් නම යන්නෙ කාගෙවත්.. පව් අහිංසක පොඩිඑකා..."

"යා.. ඔයා ඔය කියන්නෙ මං පෙරේතයෙක් වගේ හැමතිස්සෙම කනවා කියලද?? මං දෙන්නෙකුට කන්න ඕනෙ... එයා මං කන ඔක්කොම කනවා තමයි.. ඒකනෙ මට හැමවෙලාවෙම බඩගිනි එන්නෙ... ඉස්සර මං ඔච්චර ඔහොම කෑවෙ නෑනෙ.. අනික ජින් හ්‍යොං දැන් රස කෑම ගොඩක් හදනවත්තෙක්ක... මට හැදුවත් ඒවගෙන් බාගයක්ම කන්නෙත් ඔයා.. කෝ මං මුකුත් කියනවද ඒවට.. හහ්..."

මං මගෙ හේතු ඔක්කොම එක හුස්මට කියාගෙන ගියා.. මොකක්දෝ හේතුවකට ඇස් අග්ගිස්සෙන් කඳුළුත් බේරෙද්දි මං වයින් කරලා තිබ්බ බෝනික්කෙක් වගේ සේරම ටික එක යායට කියවගෙන ගියා..

"හෝව් හෝව්.. අයියෝහ් ඉතිං මගෙ බෝල ගෙඩියා අඩනවත්තෙක්කනෙ.. මගෙ මැණික ආස ඕනෙ දෙයක් ඕනෙ තරමක් කන්න රත්තරන්... හැමදේම හදන්නෙ ඔයාට තමයි පණ.. පැටියව එළියට ගන්න ඔයාටත් ඇඟට හයියක් ඕනෙනෙ.. කාලා බීලා බෝලෙ වගේ ඉන්න මගෙ වස්තුව.. ඒකට කමක් නෑ.. මං මේ එව්වා මෙව්වා කියන්නෙ විහිළුවටනෙ ඉතිං..."

බොරුවටත්තෙක්ක් මූණ දෙක කරන් අඩන්න ගත්තු මාව එහෙන් මෙහෙන් සද්දෙට ඉඹ ඉඹම එයා කියවන් යද්දි මං මහ ආඩම්බරේකින් සටන ජයගත්තු සතුට වින්දා.. පුතු පැටියා දැක්කට කමක් නෑ.. එයා උනත් ඕවා ඉගෙන ගන්න ඕනෙ දැම්ම ඉදන්..

"මගෙ මැණික කන්න ආසා මොනාහරි තියෙයිද??"

"ම්ම්??"

"තියෙයිද රත්තරන්.. ඕනෙ දෙයක් කියන්න වස්තුව..."

"හෙට දවල්ට තොක්බොක්කි ගෙන්නලා දෙනවද? කිම්චි චිගේ එකකුත්තෙක්ක.."

Love Me Like You Do || Complete || ✅Kde žijí příběhy. Začni objevovat