අතේ මස්පිඩු හිර වෙලා ගල් වෙලා වගේ දැනෙන්න ගනිද්දි තවත් කඩතොලුවක් උඩට නැග්ගා....බඩ කැලතෙනවා...... කකුල් දෙක හිර වෙනවා වගේ....මට ලූකස් කතා කරනවා ඇහුණා....මිනිහට දැනෙන්න ඇති.... ඇස් දනවා....ඒව රතු වෙලා ඇති..... එන්න එන්න ම හුස්ම හිරවෙද්දි මුරණ්ඩු කමට තව උඩ නගින්න හිතුනත් මමා ගෙ කදුළු පිරුණු ඇස් මතක් උන නිසා මම නැවතුනා..... හුස්ම අල්ලන්න කට ඇරියත් ඒක පවා මදී කියල දැනෙද්දි ඔලුව පිපිරිලා වගේ දැනෙන්න ගත්තා..... දරාගන්න බෑ.... පපුව මොකකින් හරි තලනවා වගේ..... ඇස් වලින් කදුළු මටත් නොදැනිම බේරෙනවා....අත පය හයි වෙලා වගේ....මට බෑ.... තවත් නම් බෑ

මං හිමින් ඔලුව හරවලා මගේ ගාවම වගේ ඉන්න ලූකස් දිහා බැලුවා...මට දැන් ඌව පේන්නෙ බොද වෙලා..... ඒත් එයා මං දිහා බලාගෙන ඉන්නෙ කියලා දැනුනා...හයි උන අත පය වලට තවත් මාව දරන්න බෑ කියලා දැනෙද්දි මම අතෑරියා..... තවත් බෑ....

" ජන්කුක්!!!!!!! "

ලූකස් කෑ ගැහුවා.....මට ගොඩක් ගොඩක් ඈතින් ඒ කටහඩ ඇහුනත් මං කරේ හුස්ම ගන්න දගලපු එක...මාව වැටුනා.... ඒත් කාගෙ හරි අත් දෙකක් අතරට.... ශක්තිමත් අත් දෙකක්.... ඒත් මට පේන්නේ නෑ කවුද කියලා.... පපුව හිර වෙනවා...... හුස්ම ගන්න බෑ....මම පපුවට අත මිට මොලවල ගැහුවා....මුළු ඇගම පිච්චෙනව වගේ....

" හුස්ම ගන්න...... ජන්කුක්........ හුස්ම ගන්න"

කවුරු හරි කතා කරා.... ඒත් මට ඇහෙන්නෙ නෑ...මට හුස්ම ගන්න බෑ.... කොහොමද ඒක කරන්නෙ...මට බෑ

" හුස්ම ගන්න ජන්කුක්.....උඩට පහලට.... හුස්ම ගන්නවා හෙළනවා.... ජන්කුක් ඇහෙනවද මං කියන දේ...... හුස්ම ගන්න"

එයා හුස්ම ගන්න විදිය කියනවා....උඩට හුස්ම ගන්නලු...මට බෑ නෙ.... ඒත්.... ඒත් එයා ඉල්ලනවා නෙ..... පැය ගානක් ගියා....එයා නොනවත්වා කියන නිසාම මම ඒ විදිහට හුස්ම ගත්තා..... මුලින් නොදැනුනත් මට ටික ටික ඒක පුලුවන් උනා... එයා හරි...එහෙම තමයි හුස්ම ගන්නෙ.....

ටික ටික වටපිටාව ඇහෙන්න ගත්තා......කන අගුළු වැටිලා වගේ තිබුණු එක නැති වෙලා ගියා...මට ලූකස් ව ඇහුනා..... ඒත් මට ඇස් ඇරගන්න බෑ... හුස්ම ගන්නවා කියන එක ගොඩක් මහන්සි දැනෙන දෙයක්....මට ඔලුව හරවන්න වත් පන නෑ.....

A Moment Of Slience || Taekook || Competed Where stories live. Discover now