Chapter 05

97 45 6
                                    


Comment goal 20




" ජන්කුක් වෛද්‍ය විද්‍යාලෙ හොදම ළමයා කියල ආරංචිය.... ප්‍රොෆෙසර් කෙනෙක් ඇවිත් අපිට බැන්නා ඉන්න දක්ෂම දරුවා මරන්න හැදුවා කියලා"

මොකක්!!!! මං ගැන එච්චර දෙයක් කරන ප්‍රොෆෙසර් කවුද බොලේ..... මං ගොඩක් ජනප්‍රියයි වගේ...අම්මෝ ඉතින් සතුටුයි....හෙට උදේම ගිහින් හොයාගන්න ඕන ඒ කවුද කියලා.. පස්සෙ දවසක සලකන්න බැරියැ

" හහ්....."

මං පොඩි සද්දයක් දැම්මා උත්තරයක් විදියට....හිටු හොඳ වැඩක් කරන්න..... වෙනද මං කතා කරද්දි පුළුවන් තරම් මාව හෑල්ලු කරා.... දැන් තිත්තයගෙ වාරේ..................

" ඉස්සර නිතරම බැනුම් අහපු මනුස්සය වෙනුවෙන් දැන් ප්‍රොෆෙසර් ලත් කතා කරනවා..... ගොඩක් වෙනස් වෙලා"

මොනවාද ටේහ්‍යොන් ඔයා මං ගැන දන්නෙ... මොනවාද??? මං හැමදාම හොඳ ලකුණු ගත්තා... ඒත් මං දඟයි...සරලව ඉන්න ආස... ඉතින් මං බාල්දි දා ගත්තා......
ඒත් මං කවදාවත් නරක කෙනෙක් උනේ නෑ..... මොනවද ඔයා දන්නෙ??

" මිනිසුන් වෙනස් වෙන්න ඕන නෙ.... අනික මං කොහොම හරි ඔයාගෙ ඔට්ටුව දිනන්නත් ඕන නෙ"

ටේහ්‍යොන් පුදුමෙන් මගේ දිහා බැලුවා...එයා හිතන්න නැතුව ඇති මං තාමත් ඒක මතක තියාගෙන ඉන්නව කියල....නෑ ටේහ්‍යොන් මට වචනයක් වචනයක් ගානෙ මතකයි.... වෙන මනුස්සයෙක් නම් ඔයා කරපු නපුරුකම් වලට ඔයාට වෛර කරනවා.... ඒත් මොනවා කරන්නද මේ මෝඩ හිත ඔයා වෙනුවෙන් ම ලියවිලා

" ඔ....ඔයා මොන ඔට්ටුවක් ද කියන්නෙ?? "

එයාට මතක නැද්ද.... ඇත්ත මතක තියාගන්න දෙයක් නෙවෙයි... ඒත් එයාට...මට නෙවෙයි

" ඔයාට මතක නැතුව ඇති.... ඔයා හමුදාවවට යනවා කිව්ව දවසෙ මාව මුළු පන්තිය ඉස්සරහ ම විහිළුවට ගත්ත දවසෙ ඔයා ඔට්ටුවක් ඇල්ලුවෙ කවදාහරි ඔයා මගේ ගාව ඔලුව නවන තැනට වැඩ කරල පෙන්නන්න කියල... ඔයාට වඩා උඩ තැනකට එන්න කියලා....ඔයා උදව් ඉල්ලන තැනකට එන්න කියලා...... ඒක තමයි මං කරන්නෙ....."

" ජන්කුක්! "

" තව අවුරුද්දකින් මං ස්ථිර වෛද්‍යවරයෙක්... ප්‍රොෆෙසර් ල කියන්නෙ මට පලවෙනි පත්වීම ම ලොකු තනතුරකට යන්න පුළුවන් කියලා.... ඉතින් එතකොට මං දිනුම්.... නොදැනුවත්වම උනත් මං දිනුම්...... වෛද්‍යවරයෙක් ඉස්සරහ ඕන කෙනෙක් ඔලුව වනනවා.... මොකද හමුදා නිලධාරියට ජීවිත රැකගන්න පුළුවන් උනාට ඒ ජීවිතේ නැති නොවී බේරගන්න පුළුවන් මට විතරයි "

A Moment Of Slience || Taekook || Competed Where stories live. Discover now