Chapter 02

142 44 13
                                    


" ජන්කුක්!!!! "

ලූකස් මගේ උරහිස හොල්ලන ගමන් කතා කරද්දි මං පියවි ලෝකෙට ආවා..

" අ...අහ්...ඇ... ඇයි බං? "

" මොන ලෝකෙ ද හිටියේ?? දාඩියත් දාලා.... මොකක් හරි මනස්ගාතයක් හිතුවද?? "

ලූකස් අහද්දි මගේ අත නොදැනීම බෙල්ල ගාවට ගියා.... බෙල්ල දාඩියෙන් තෙත් වෙලා...නලල පුරාත් දාඩිය.... මං මෝඩ හිනාවකුත් දාගෙන කලිසම් පොකට් එකෙන් හතරට නවපු ලේන්සුව අරන් මූනයි බෙල්ලයි පිහද ගත්තා......

" මොකද බං!! "

ලූකස් ටිකක් ගැඹුරු හඩකින් ඇහුවෙ මං හිතපුවා ඌට කියන්න කියලා නොකියා කියන ගමන්... ලූකස් තරම් මගේ ජීවිතේ ගැන මගේ පපාවත් දන්නෙ නැතිව ඇති.... දැන් මං හිතපුවා ඔලුවෙ තියාගෙන ඉස්සරහ ට එන දවස් ගාන පුරාම ඕක ගැන හිත හිතම පිස්සු නටනවා කියල ලූකස් දන්නවා

" එහෙම වෙයිද බං?? "

මං පුළුවන් තරම් අහිංසක ඇස් වලින් ඇහුවා... මං හිතන විකාර වලට බැනුම් අහන්නෙ නැතිව ඉන්න කරන්න පුළුවන් ලොකුම දේ ඒක...ඒකට ලූකස් අහු වෙනවා.... මගේ මමාගෙ හැකියාව දහ ගුණයක් වැඩි වෙලා මට තීන්නෙ...

" මෝඩ මී හරකා.... මං හිතුවා දාඩිය දාගෙන ඉන්නකොට ඕක තමයි හිතන්න ඇත්තෙ කියලා.... ඉපදෙන්න ඉන්න අශ්වයොන්ගෙ දත් ගන්න කරන්න එපා බං.... කොහොමත් උඹව හමුදාවට ගන්නෙ නෑ නෙ....බය වෙන්නෙ මොකටද....."

" ඒත්..... ඒත් බං....එ...එයා-"

" හනේ මෝඩයා.... තාමත් ඒ යකඩයා ගැන හිතනවද...... නොවෙන දේවල් ගැන හිතලා ලෙඩ හදාගන්නෙ නැතුව හිටපන් ජන්කුක්.... දැන්වත් අමතක කරපං....අතීතෙ ජීවත් නොවී වර්තමානෙට වරෙන්"

" වර්තමානෙ තමයි යකෝ ඉන්නෙ.... ඒත් අතීතයෙන් තොර වර්තමානයක් වත් අනාගතයක් වත් නෑ....."

මං කේන්තියෙන් කිව්වා... මං කැමති නැති දේවල් වලින් එකක් එයා ගැන අමතක කරන්න කියන එක..... සමහර දේවල් ලගට ගන්නම ඕන නෑ රසවින්දින්න... ආදරේ කරන්න....මූට ඒක තේරෙන්නේ නෑ

" උඹට ම හරියන තර්ක බං ඕවා.....විකාර නොහිතා හිටපං.....මෙතන උන් මෝඩ උනාට රටක් පාලනය කරන උන් මෝඩ නෑ.....මී හරකා "

A Moment Of Slience || Taekook || Competed Where stories live. Discover now