Chapter 06

103 43 8
                                    




ඉතින් කාලෙ ගෙවිල ගියා.. විනාඩි, පැය, දවස්,මාස................................

මං එදා ඉඳන් අද වෙනකම් ගෙවුණු මාස දෙකකට වැඩි කාලය පුරාවටම ටේහ්‍යොන් ව පුළුවන් තරම් මග ඇරියා....මට දැනුන විදියට එයාට ඕන මට කතා කරන්න..... ඒත් මට බෑ.....ආයෙ නම් බෑ......වෙන මිනිස්සු තමං හිතින් ආදරේ කරන මනුස්සය උනත් ලං කරගන්න බලද්දි මං කරේ පුළුවන් තරම් ඈත් කරන්න....වෙලාවකට හිතෙනවා මට පිස්සු කියලා

හැබැයි අද ඒක කොයි තරම් දුරට සාර්ථක වෙයිද කියලා කියන්න බෑ..... මොකද අද මං අනියුක්ත රෝහලෙන් හමුදා කදවුර ට යවන කණ්ඩායමට මාවත් අහු උනා..... පහුගිය මාස වල නගරෙ පීරල හොයාගත්ත කන්ඩායම් එකතු කරල හමුදා පුහුණුවීම් දෙන්න නගරෙම කදවුරක් හදාගත්තා... මං දන්න තරමින් හාරසීයක් විතර ඉන්නව ඒකෙ.... ඉතින් ලොකු ලොකු පුහුණුවීම් තිබ්බම ඒ අයට බෙහෙත් කරන්න අපිට යන්න වෙනවා.....රෝහලට එවන්නෙ මැරෙන්නම හිටියොත් විතරයි....අලි ඔලු නෙ...

ඉතින්  එතන පුහුණු වෙන අයගෙ සෞඛ්‍ය තත්වය බලන්න අපෙන් කන්ඩායමක් ඉල්ලලා තිබුණා..... නැට්ට පාගගත්ත හරක් වගේ දගලද්දි සෞඛ්‍ය තත්වය කියන එක හොයාගන්නවත් තිබ්බොත් ඇති.....ඔය වගේ වැඩ වලට ලොකු ලොකු ඩොක්ටර්ස් ල යවන්නෙ නෑ.... ඉතින් පුහුණු වෙන අයගෙන් හොඳ අය තෝරල කන්ඩායමක් හැදුවා... මං තමයි ප්‍රධාන.....කාටද කාටද ආඩම්බර හහ්........

මේ වතාවෙ ලූකස් නෑ..... මං දන්න කට්ටියක් තමයි ඉතින් ආවෙ.... ඒත් පුරුදු ගොනා නැතුව පාළුයි...මට ඌ ගැන එච්චර අනුකම්පාවක් නෑ හරිද....මට පාළු නෑ....ටේහ්‍යොන් මුන ගැහුනොත් පලිහ විදියට දාන්න නැති නිසා මට අවුල්

උදේ අටයි තිහයි.........වෙනද මං තාමත් ගෙදර.... කොහෙද උදෙන්ම එන්න කියලා නෙ...... මං අපේ කණ්ඩායම එක්ක කදවුර ඇතුළට ගියා..... ලොකු ලී තාප්ප වලින් වටවෙලා තීන නිසා ඇතුලෙ වෙන දේවල් කවුරුත් දන්නෙ නෑ.... ඒත් අද මං නං දැක්ක.... අපි යද්දි ගොඩක් අය කන්ඩායම් හැදිලා දුවනව...හරි ලස්සනයි අප්ප....ගානට කපපු සැන්ඩ්විච් එකක් වගේ...... සමහර අය ව්‍යායාම කරනවා.... සමහර අය බිම බඩගානවා,උඩ නගිනවා, වැල් වල යනවා......එකම වැඩ ලෝකයක්....

A Moment Of Slience || Taekook || Competed Where stories live. Discover now