Chapter 14

92 39 1
                                    

අද ඉරිදා නිදහස් දවස උනත් හදිසියේ ටේහ්‍යාන් ට කඳවුරෙන් ලැබුණු කැඳවීම නිසා එහේට යන්න උන නිසා වැඩ කරන එක නවත්තලා මම රෝහලේ රාජකාරි ටිකක් කරන්න ගත්තා....ඒ ගමන් ම රේඩියෝව ඔන් කරපු මං වැඩ කරන්න ගත්ත ගමන් ම වගේ දහවල් ප්‍රවෘත්ති පටන් ගත්තා.....ඒ ආරම්භ ප්‍රවෘත්තිය ම මාව එක තැන ගල් කරා

"" ජර්මන් චාන්සලර් සහ ජනාධිපති වන ඇඩොල්ෆ් හිට්ලර් ඊයේ පැවති ජන හමුවක් අමතමින් ප්‍රකාශ කර ඇත්තේ ජර්මානුවන් ගේ යුක්තිය නිදහස වෙනුවෙන් ඔහු දිවි ඇති තෙක් සටන් කරන බවයි....මෙය විදේශීය වශයෙන් අනෙකුත් රාජ්‍ය වලට වක්‍රාකාරව කළ අනතුරු ඇඟවීමක් බව දක්වනා විචාරකයින් පවසනුයේ ඔහු ඉන් අදහස් කරනු ලැබූයේ ජර්මානුවන් සිටින සියලු ප්‍රදේශ සිය සන්තකයට ගැනීම පිළිබඳ ව බවයි....

ජර්මානුවන් බහුතරයක් වෙසෙනා රයින්ලන්තය හා සුඩෙටන්ලන්තය දැඩි ආයාසයකින් තොරව ම තමන් සතු කර ගැනීමට හිට්ලර් සමත් වූ ඇති අතර ඔස්ට්‍රියාව හා පවතින ගැටුම් මේ වනවිට හිට්ලර් ට වාසිදායක තත්වයට පත්ව ඇත... මෙතෙක් යුරෝපා බලවතුන් හිට්ලර් ගේ මෙම අමනෝඥ ක්‍රියාකලාපය ගැන ක්‍රියාමාර්ග ගෙන නොමැති අතර හිට්ලර් විසින් ඉතාලිය හා ජපානය සමග ඇති කරගත් සමගි සංධානය යතා කාලයේදී ම ලෝක යුද්ධයක් කෙරෙහි සීනු හැඬවෙන බවයි විචාරකයන්ගේ අදහස වේ

එමෙන්ම ප්‍රංශයේ සදාතනික හතුරා වන ජර්මනිය යතා කාලයේදී ගැටුම් ඇති කර ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථාව වැඩි බව දක්වනා යුධ හමුදාපතිතුමා එයට මැදි වන ප්‍රධාන රාජ්‍යක් වශයෙන් ආරක්ෂාව උදෙසා ඉක්මන් ක්‍රියාමාර්ග ගත යුතු බව දක්වයි... හමුදාව වැඩි දියුණු කිරීම හා හමුදා බලය ශක්තිමත් කිරීමට දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බව එතුමා තවදුරටත් පවසා සිටියා...

රැදී සිටින්න තවත් පුවත් සමගින් ""

ඒක ඉක්මනට ඇත්ත වෙන්න යන්නෙ.... හිට්ලර් ඔස්ට්‍රියාව ඉක්මනට අල්ලගනී...ඊට පස්සේ??? නවතීද?? නෑ දිගටම එහෙම කරයි.... ඉක්මනට අපේ පැත්තටත් හැරෙයි...ඒ වගේ අධිරාජ්‍යයක් එක්ක කොහොමද අපි වගේ පොඩි රටක් හැප්පෙන්නෙ..?? අනේ එහෙම උනොත්!!!!! අනේ ටේහ්‍යාන්....

A Moment Of Slience || Taekook || Competed Where stories live. Discover now