Chapter 01

336 52 11
                                    

" Dear Lord, You who was, who is and is to become. We worship Your name this day. Thank you because of your promises that are true every morning. We praise you for the wonderful deeds in our lives."

මගේ එංගලන්ත මිත්තණිය, මිසිස් ජෝර්ජියා ගෙ හඩ නිහඩ නිවස පුරා පැතිරිලා යද්දි නැගිටින්න වෙලාව හරි කියල මම තේරුම් ගත්තා...... ග්‍රෑන්ඩ් මා ප්‍රේ කරන්න පටන් ගන්නෙ පලවෙනි ඉර එලිය වැටෙනකොට.... ඒ කියන්නේ උදේ වෙලා.... අලුත් දවසක්!! අලුත් බලාපොරොත්තු !! අලුත් අත්දැකීම් !! අලුත් හැගීම්!! ........

ඒ ලැබෙන්න යන හැම දෙයක්ම වෙනුවෙන් ග්‍රෑන්ඩ් මා දෙවියන් ට ස්තුති කරද්දි මමත් හිතින් දෙවියන් ට ස්තුති කරල ඇදෙන් නැගිට්ටා...... මගේ දැගලිල්ල නිසාම බිමට වැටිලා තිබුණු ඩුවට් ඒකත් අහුලලා අරන් ඒක පිලිවෙල ට ඇදේ ඇතිරුවෙ තව ටිකකින් කාමරේට එන මමා ගෙන් උදේ පාන්දරම බැනුම් අහන්න බැරි කමට මිස මං හොඳ ළමයෙක් නිසා නෙවෙයි.....

" ජන්කුක්!! "

කබඩ් එක ඇරල අදින්න ඇදුමක් තෝර තෝර හිටපු මං ඔලුව උස්සලා දොර දිහා බැලුවා....මම කිව්වෙ..... විනාඩි පහක් ගියේ නෑ මම කියපු දේ ඇත්ත වෙන්න.... වෙලාවකට හිතෙනවා දෛවය කියන කෙනෙක් විදියට පොඩි රස්සාවක් පටන් ගන්න.... මං කියන දෙයක් ලේසියෙන් වරදින්නේ නෑ.....

" මමා"

" අහ් නැගිටලා නේ..... මං ආවෙ ඔයාට නැගිටින්න කියන්න"

" ග්‍රෑන්ඩ් මා එලාම් එක වගේ නෙ මමා.... අලුතෙන් කතා කරන්න දෙයක් නෑ"

මම ගොඩක් බැරෑරුම් මූණක් මවාගෙන කියද්දි මමා හිනා උනේ කාමරේ කොනක ගොඩ ගහල තිබ්බ මගේ ඇදුම් අත් දෙකට ගන්න ගමන්

" ඇයි දරුවො.... මං හැමදාම කියනවා ඇදුමක් මාරු කරාම ඒ ඇදුම පහල බේසමට ගෙනත් දාන්න කියලා.... කොච්චර කිව්වත් වැඩක් නෑ....කන්ද වගේ කාමරේ ඇතුලෙම ගොඩ ගහනවා "

යැයි යැයි යැයි ඔන්න පටන් ගත්ත උදේ පාන්දරම එයත්.... ග්‍රෑන්ඩ් මා උදේ පාන්දර ප්‍රේ කරල දවස පටන් ගනිද්දි මගේ මමා දවස පටන් ගන්නෙ මට බැනලා.....එයාට කොච්චර කියනවද මං, එයා කොච්චර කිව්වත් ඒ කිසි දෙයක් ගනන් ගන්නේ නෑ කියලා....ඒ නිසා කටේ වචන ටික බොරුවට වැය කරන්න එපා කියල....අහන්නෙම නෑ නෙ.....

A Moment Of Slience || Taekook || Competed Where stories live. Discover now