"එයා ගියේ තමුන්ගේ වරදක් නිසයි..."

ජන්කුක් යන දිහා බලාගෙන ජිමින් කිව්වා...

"ඇයි මට කෑ ගහන්නේ ඒක ඔයාගේ වරදක්"

ටේහ්යුංනුත් කෑ ගැහුවා... ඒ පාර නම් තිබුණටත් වඩා රණ්ඩුව දුරදිග ගිහින් දෙන්නා දැන් එකට බදං පොරකනවා... එයාලට ටිකචට අමතක උනා ජන්කුක් මේ දැන් ගෙදරින් ඇත්තටම ගියා නේද කියලා...

ජන්කුක් එයාලා රණ්ඩුව නතර කරනකං ජින්ගේ ගෙදර යනවා කියලයි හිතං ආවේ... කොහොමත් එයාලා අද ජින්ගේ ගෙදර යන්න උන්නත් කොහෙද ඩබල රණ්ඩුනේ... ඉතින් ජන්කුක් තනියමම පාරට ඇවිත් taxi එකක් එනකං බලාගෙන උන්නා...

ටිකක් වෙලා ඉද්දී ජන්කුක් ඉස්සරහින් කාර් එකක් නතර කලත් ඒක taxi එකක් නම් නෙවෙයි... ජන්කුක් එයා අදුරන කෙනෙක්වත්ද කියලා හිතලා ටිකක් පහත් වෙලා කාර් එක ඇතුල බලද්දී දැක්ක දෙයින් එයාව පිටිපස්සට විසික් උනා...

ජන්කුක් ගොඩක් බය වෙලා එකතැනම ඉද්දී ජන්කුක්ට අත වනපු ජීහාන් කාර් එකෙන් බැහැලා ජන්කුක් ගාවට ආවා... ජන්කුක් ටිකෙන් ටික පස්සට ගියත් එයාට දුවාගන්න බැරි තරමට බය වෙලයි උන්නේ... ඒත් එක්කම ජීහාන් ගොඩක් ලගට ආව නිසා ජන්කුක්ව බිමට වැටුනා...

"බේබි ඔයා හොදින්ද?"

ජීහාන් කලබලෙන් වැටිලා ඉන්න ජන්කුක්ව නැගිට්ටවන්න හැදුවත් ජීහාන් අල්ලද්දී ජන්කුක්ට දැනුනු බය තව තවත් බය උනා... ඒත් ජීහාන් ජන්කුක්ව නැගිට්ටවලා එයාගේ ඇදුමත් පිහලා ලස්සනට හිනා උනා...

ජීහාන් ජන්කුක්ව දැකලා තිබුණට වඩා ඇත්තටම ජන්කුක් දැන් තවත් ලස්සන වෙලා... කම්මුල් ටිකක් ඉදිමිලා රතු වෙලා වගේම කලින්ට වඩා එයා ගොඩක් හොද පෙනුමින් උන්නා... බෙල්ලේ තැන් දෙක තුනකම මැකෙමින් තිබූණු පාරවල් දෙක තුනක් වගේම තොලේ තැනකුත් ටිකක් රතු වෙලා තියෙන විදිහ ජීහාන් හොදට නිරීක්ෂණ කලා...

හැබැයි ජීහාන් තමන් දිහා බලාගෙන ඉන්න විදිහටත් ජන්කුක්ට තවත් බය හිතුනා... මේ වෙලේ තමයි ජන්කුක්ට දුවන්න ඕනා කියන අදහස ඔලුවට ආවේ... ජන්කුක් ආපස්සට හැරිලා දුවන්න හැදුවත් එයාට ඒක කරගන්න අවස්ථාවක් නොදුන්න ජීහාන් ජන්කුක්ගේ අතින් අල්ලලා එයාව නතර කලා...

MY TOPS|VMK|✔Where stories live. Discover now