-Chapter 41-

1.1K 233 24
                                    

ජන්කුක් අද උදේ යුනිවර්සිටි ආවේ ජිමින්ගේ කා එකේ ඒ හවසට ටේහ්යුංගේ බයික් එකේ යන්න එනවා කියලා පොරොන්දු පිටයි... ජන්කුක් එක්කම ඇතුලට ආව ජිමින්ට අතරමග රැකගෙන ඉන්න ටේහ්යුංවත් හම්බුනාම තුන් දෙනාම එකටම යුනිවර්සිටි එකට ගියා... ඒත් යන අතරතුර ලමයි හැමෝම එයාලා දිහා අමුතු විදිහටයි බලාගෙන උන්නේ... සාමාන්‍යයෙන් උනත් ටේහ්යුං සහ ජිමින්ට හැමෝගෙම අවදානේ ලැබෙනවා උනත් අද එයාලා බලාගෙන ඉන්නේ මොකක්හරි ලොකු ප්‍රශ්නයක ඉන්න කට්ටියක් වගේ... හරියට පැටලිල සහගත ප්‍රශ්ණයක් වගේ-

අනිත් දෙන්නා ඒක දැක්කත් නොදැක්කාවගේ ඇවිද ගෙන ගියාට ජන්කුක්ට නම් ඒ බැල්ම ගොඩක් ලොකු අපහසුවක් ගෙනාවා... බහුතරයක්ම ඇස් ජන්කුක් දිහාවට වගේම ඒ ඇස් වල ඊර්ෂ්‍යාව තියෙනවා කියන එකත් ජන්කුක්ට තේරුනා...

'මං හියුන්ගිලා එක්ක එන නිසා වෙන්න ඇති..'

ජන්කුක් එයාගේ හිතට කියාගෙන අර දෙන්නා ලගින්ම ඇවිද ගෙන ගියා... ඒත් ඉතින් ඒ තුන්දෙනාගෙන් කවුරුත් හිතන්නේ නැතුව ඇති එයාලගේ යාලුවා ජින් ඊයෙම මුලු යුනී එකේම එයාලගේ ලව් ස්ටෝරි එක පතුරලා කියලා...

ජන්කුක්ව එයාගේ ලෙක්චර් හෝල් එක ලගටම ගෙනත් දාපු ජිමින් ටේහ්යුං දෙන්නා එතනින් ගියේ ජන්කුක්ගෙන් පුංචිම පුංචි පෙක් දෙකකුත් ඉල්ලගෙනමයි... ටේහ්යුං ජිමින්ගේ හුරතල් වැඩ එක්ක හිනා වෙවීම ජන්කුක් ක්ලාස් එකට ආවත් එයාගේ හිනාව නතර උනේ ලමයි හැමෝම එයා දිහා කන්න වගේ බලං උන්න නිසයි... ජන්කුක් ඔලුවත් පාත් කරගෙන යටි තොලත් හපාගෙන වෙනදා වගේම තනි තැනකින් වාඩිවෙලා ලෙක්චර' එකනං පාඩමක් බලා ගත්තා...

ඒ අතර ටේහ්යුං ජිමින් දෙන්නත් එයාලගේ යාලුවෝ ගාවට ගියා...

"ජන්කුක් හොදින්ද?"

ටේහ්යුං ජිමින් දෙන්නා එනවත් එක්කම තවත් නම් ඉවසගන්න බැරි උන හෝසොක් ටිකක් සද්දෙන්ම අහලා දැම්මේ ඒ දැම්මේ ටේහ්යුං ජිමින් දෙන්නව තුෂ්නිම්භූත කරවලා... එයාලා විතරක් නෙමෙයි හෝසොක්ගේ කෑ ගැහිල්ලට අහල පහල ලමයිනුත් හැරිලා බැලුවා...

"ඇයි ජන්කුක්ට මොනා උනාද?"

ජිමින් ටේහ්යුං ඇවිත් යාලුවෝ ලගින් වාඩි වෙන ගමන් ඇහුවා...

MY TOPS|VMK|✔Where stories live. Discover now