-Chapter 36-

1K 236 30
                                    

"එයාට ජිමින් ඉන්නවා... ඔව් එයාට ජිමින් ඉන්නවා... ඔයා කවුද එයාට එහෙම සැර කරන්න, බනින්න... අඩුම එයා ඔයාට කැමතිද? නෑ එයා කැමති ජිමින්ට... ජිමින්ට එයාව ගැලපෙනවා... හුරතල් පොඩි හා පැටියෙක්ට යුනිවර්සිටි එකේ කූල්ම බෝයිව ගැලපෙනවා... ඔයා නිකං අතරමැදියෙක් විතරයි..."

ටේහ්යුං එයාගේ හිත රවට්ටගන්න උත්සාහ කලා... එයාට ගොඩක් දුකයි අද උන දේට... ජන්කුක්ව බය කරන්නවත්, එයාට රිද්දන්නවත් ජන්කුක්ව දැකපු දවසේ ඉදන් ටේහ්යුංට ඕන උනේ නෑ... ඒත් ජන්කුක්ගේ සියුමැලි ගති පැවතුම් නිසා එයා අනිත් අයගෙන් තැලෙද්දී ටේහ්යුංට ඕන උනේ ජන්කුක්ට ටිකක් තදින් ඉදලා හරි එයාට එයාව ආරක්ෂා කරගන්න ටිකක් හරි උගන්වන්න... ඒත් එයා ඒ කරපු දෙයින් නොදැනුවත්වම එයා ජන්කුක්ව රිදවලා කියලා දැනෙද්දී ටේහ්යුං තවත් කෝප්පයක් එක හුස්මට බීලා දැම්මා...

ටේහ්යුං තරහා අමතක වෙන්න ඕන නිසා කෙලින්ම ආවේ බාර් එකට... ඒ ආව වෙලේ ඉදන් ටේහ්යුං දැන් කෝප්ප පහලවක් විස්සක් විතර හිස්ම කරලා දාලා... ඒත් ටේහ්යුං තාම කෙලින්~

"එයා ගොඩක් ලස්සනයි, එයා ගොඩක් හුරතල්, එයා ගොඩක් බොලදයි... එයාට චුට්ට ඇත්නම් ඇස්වල කදුලු පිරෙනවා... ආහ් එයා ගොඩක් පරාජිත කෙනෙක් ඇයි ටේහ්යුං ඔයා එයාට මෙච්චරම කැමති? එයාව ජිමින්ට දීලා හිත හදාගෙන පරණ පුරුදු ජීවිතේ ජොලියේ සතුටින් ගෙවන්න බැරි ඇයි ඔයාට? හා පැටියෙක්ව ඔයාගේ ජීවිතේදී දැක්කේවත් නෑ කියලා ඇයි හිත හදාගන්න බැරි... එයා ගොඩක් ලස්සන උනත්, හුරතල් උනත්, අහිංසක උනත් කමක් නෑ එයාව අත ඇරලා ඔයාගේ පාඩුවේ ජීවත් වෙනවා මෝඩ ටේහ්යුං... මට පිස්සු වගේ ඔයා නිසා ජන්කුක්"

ටේහ්යුං හෙමින් බාර් එකෙන් එලියට ආවා... ජන්කුක් ගැන හිතෙන එක නතර කරගන්න බෑ කියලා දැන දැනම එයාටම එයා විහිලු කරගන්න ගමන් බයික් එකට නැග්ගා... යතුරු හිල දෙක වෙලා පෙනුනත් බොහොම අමාරුවෙන් ඒකත් දාගෙන බයික් එකෙන්ම එයා එන්න පිටත් උනා... ටේහ්යුංගේ සිහිය කොයි තරම්ද කියනවා නම් ටේහ්යුං ආවේ එයාගේ ගෙදර නෙවෙයි වෙන කෙනෙක්ගේ ගෙදරටයි...











































MY TOPS|VMK|✔Waar verhalen tot leven komen. Ontdek het nu