-Chapter 35-

1K 233 22
                                    

"හියුන්ගී මට සමාවෙන්න..."

ටේහ්යුං ගිහින් ටිකක් වෙලා ගියත් ජිමින් ටේහ්යුං කියපු දේවල් ගැන කල්පනා කර කර එහෙම්මම ඉන්නවා දැකපු ජන්කුක් පිටිපස්සෙන් ඇවිත් ජිමින්ව බදාගෙන අඩ අඩම කිව්වා... ජන්කුක්ට අනුව දැන් මේ උන සේරටම වැරදි එයා තමයි...

"එයා කිව්වා හරි තමයි... මට හැමදාම ඔයාව බලාගන්න බැරි උනොත් ඔයා මොකද කරන්න ඕනා කියලා මං මීට කලින් හිතලා තිබ්බේ නෑ තමයි... ටේහ්යුං හරි"

ජිමින් එයාගේ බද වටා එතිලා තිබුණු ජන්කුක්ගේ අත් දෙක අල්ලගෙන මිමිණුවා...

"මට සමාවෙන්න හියුන්ගී මං නිසා තමයි මේ හැමදෙයක්ම... මං උන්නේ නැත්නම් මේ කිසිම කරදරයක් නෑ..."

ජන්කුක් කියපු කතාවට කලබල උන ජිමින් ඉක්මනට ජන්කුක්ව ඉස්සරහට ඇදලා ගත්තා... ජන්කුක්ගේ මුලු මූණම කදුලු වලින් පෙගිලා ගිහින්...

"කවදාවත් එහෙම හිතන්න එපා කුකී... ඔයාව අපිට හම්බුනේ අපේ වාසනාවට"

ජන්කුක්ගේ කම්මුලක් දිගේ අත් ගෙනියපු ජිමින් එයාගේ ඇස් වලින් වැටෙන කදුලු පිහිදලා දැම්මා... ජිමින්ගේ අත් වල පහස නිසා වගේම ජිමින් ලග දැනෙන සැනසීම නිසා ජන්කුක් ටිකකට ඇස් පියා ගත්තා...

"ඔයා අපිට හම්බුනේ නැත්නම් මං තාමත් ටේහ්යුං එක්ක රණ්ඩු වෙවී, ජීවිතේ විදින කාලේ විදවන ගමන් ඉන්න තිබ්බා කුකී... ඔයා එන්න කලින් මං ගෙව්වේ ඒකාකාර ජීවිතයක් විතරයි... ඉගෙන ගන්නවා, ටේහ්යුංව පරාද කරනවා, හැමෝගෙම ආකර්ෂණය ගන්නවා ඇරෙන්න මට වෙන අරමුණක් තිබුණේ නෑ... ඒත් ඔයා ආවට පස්සේ ඔයාව බලාගන්න, ඔයා එක්ක ඉන්න, ඔයා එක්ක කතා කරන්න, ඔයා එක්ක කාලය ගත කරන්න, ටේහ්යුං එක්ක ඔයා වෙනුවෙන් ගහගන්න... ඒක ඇත්තටම විනෝද ජීවිතයක්... ආදරය කියන හැගීම ඇත්තටම ගොඩක් ලස්සනයි... ඔයා අපේ ජීවිත වලට ආව නිසයි අපිට ඒ හැගීම විදින්න පුලුවන් උනේ කුකී... කවදාවත් අපිට ඔයාව වදයක් නෙවෙයි තේරුනාද?"

ජන්කුක් ඇස් වහගෙනම ජිමින්ගේ කතාවට ඔලුව හෙලෙව්වා... එයාට ගොඩක් සතුටුයි එයා ගැන බලන්න, එයාට ආදරය කරන්න අය මේ ලෝකේ ඉන්න එකට...

MY TOPS|VMK|✔Where stories live. Discover now