-Chapter 5-

1.2K 259 36
                                    

ජීහාන් ආවට පස්සේ ජන්කුක් තරමක හොද සෞඛ්‍ය තත්වයකින් වගේ පැය 24 පුරාවටම බයෙනුත් දවස් ගෙව්වා... මොකද ජීහාන් ආවට පස්සේ මිස්ටර් ජෙයොන් ජන්කුක් කෙරෙහි දක්වන පුංචිම සැලකිල්ලත් අඩු ඕන එකෙන් එයා මේ ටිකේ බැනුම් නොඅහා, ගුටි නොකා උන්නා... ඒ වගේමයි ජීහාන්ගේ විශේෂ සැලකිලි නිසා ජන්කුක් හොදට කෑවා බිව්වා... ජීහාන් ජන්කුක්ට කැමත් නමුත් ඒ ආදරයක් නම් නෙවෙයි.. එයා ජන්කුක්ගේ ලස්සනට පිස්සු වැටිලයි ඉන්නේ... ඉතින් ජන්කුක්ට උපරිම හොදින් සලකන්න ජීහාන් පෙලඹුනා කිව්වොත් හරී...

අදත් උදේ පාන්දරම ජන්කුක් ජෙයොන් මැන්ශන් එකෙන් එලියට ඇවිත් යුනිවර්සිටි එක පැත්තට ඇවිදගෙන ආවා... තවමත් එලියවත් හරියට වැටිලා තිබුණේ නැතත් ජන්කුක් මේ වෙලාවට එලියට නාවොත් එයාට ජීහාන්ව මග අරින්න බැරි නිසාමයි මෙහෙම උදේ පාන්දරම ආවේ... ජන්කුක් එයාගේ පොතක් අරගෙන කියවන ගමන් හෙමීට හෙමීට යුනිවර්සිටි එක පැත්තට ආවා... ඒත් වැඩි දුරක් යන්න ඉස්සෙල්ලා එයාට කවුදෝ මංදා කෑ ගහන සද්දයක් ඇහුනා...

"ඔහොම නවතිනවා, කඩපු බඩු වල සල්ලි දීලා යනවා..." මැදි වයසේ කෙනෙක්ගේ කෑ ගැසීමත් එක්ක ජන්කුක් පිටිපස්ස හැරිලා බැලුවා... ඒත් එක්කම පිටි පස්සෙන් දුවගෙන ආව කෙනෙක් ජන්කුක්ගේ ඇගේ හැප්පිලා ජන්කුක්ව පාරේ මුල්ලකට විසික් වෙලා පොතත් වැටුනා... ඒ පිටි පස්සෙන් දුවගෙන ආව තවත් දෙන්නෙක් ජන්කුක්ව පාස් කරගෙන ඉස්සරහට ගියාම කෑ ගහගෙන ආව මැදි වයසේ කෙනා ජන්කුක් ලග නතර උනා...

"ආපහු මගේ කඩේ පැත්ත පලාතක ආවොත් බලාගමූ..."

ඔහු හති අරින ගමන් ජන්කුක් ගාව නතර වෙලා හති ඇරියා... ගොඩක් දුර දුවගෙන ආව නිසා ඔහුට හොදටම දාඩිය දාලා වගේම අධික මහන්සියකුත් නිසා එයා අර තරුණයන් තුන් දෙනාම අකමැත්තෙන් උනත් අත අරින්න තීරණය කරා... ඊලගට පුද්ගලයා හැරුනේ තවමත් වැටිලා ඉන්න ජන්කුක්ගේ පැත්තට...

"පුතේ ඔයා හොදින්ද?"

"හම්"

මැදි වයසේ කෙනා ජන්කුක්ට අත දීලා නැගිට්ටුවා... ජන්කුක් එයාගේ පොතත් අහුලගෙන ඔහුට ස්තූති කරා...

MY TOPS|VMK|✔Where stories live. Discover now