"ටේහ්යුං ඔහොම නවතිනවා... කිව්වාම අහලා නැවතියං යකෝ..."
ටේහ්යුංගේ පස්සෙන් එලවගෙන ආව යුන්ගි වගේම හෝසොකුත් ටේහ්යුංව නතර කරගත්තා... ඒත් ඒ වෙලේ තරහින් උන්න ටේහ්යුං ඒ තරහින්ම යුන්ගිවයි හෝසොක්වයි පැත්තකට තල්ලු කරලා කෑ ගැහුවා...
"මොකද?"
ටේහ්යුං ආපහු යන්න යද්දී යුන්ගි වගේම හෝසොකුත් ලොකු පරිශ්‍රමයක් දීලා ටේහ්යුංව ලග තිබුණු කාමරයක් ඇතුලට දාලා වහලා ටේහ්යුං කෑ ගහද්දිම එයාව පුටුවක ගැට ගැහුවා...
"උබට මොකක්ද වෙලා තියෙන්නේ ආ? අපිවත් දාලා කොහෙද මේ එක එක තැන් වල යන්නේ? උබට මොනාද මේ දවස් වල වෙලා තියෙන්නේ කියපං"
යුන්ගි ටේහ්යුංගෙන් කෑ ගහලා ඇහුවා...
"උබලට වෙන වැඩක් නැද්ද? පලයං යන්න මං වැදගත් වැඩකට යන්නේ..."
"උබට දැන් අපිට කියන්නත් බැරි වැදගත් වැඩ තියෙනවද? හහ් මට නම් පේන්නේ කලින් අපේ යාලුවා නෙවෙයි වගේ දැන් ඉන්නේ... උබ ගැන අපි නැතුව කවුද හොයලා බලන්න ඉන්නේ ආ? උබට අපිව වැදගත් නැති උන් වගේ පෙනුනට අපිට නම් උබ අපේ යාලුවා..."
යුන්ගි ටිකක් හිත රිදීමකින් කියද්දී දගල දගල උන්න ටේහ්යුං දගලන එක නතර කලා... එයාට උනත් තේරෙන්න ඇති එයා මේ දවස් වල වෙනස් වෙලා කියලා... ඔව් ටේහ්යුං ඇත්තටම මෙහෙම හැසිරුන කෙනෙක් නෙවෙයි... එයාට තරහා ගියා ඒත් මේ වගේ කාරණා වලට නම් නෙවෙයි...
"අහපං ටේයා... උබට මොකක්ද මේ එකපාරටම උනේ? ක්ලබ් ගිහින්, පාන්දර වෙනකං බීලා, එක එක උන් එක්ක රණ්ඩු වෙලා, ගෙදරින් බැනුම් අහගෙන කාලකන්නි වෙන එක හොදයි දැන් උබට වෙලා තියෙන පිස්සුව නොහැදී... ප්ලීස් යකෝ තොට ප්‍රශ්ණයක් නම් අපිටත් කියපං... උබත් එක්ක එකටම මගෝඩි වැඩ කරලා දැන් අපිව හලල දාලා යන එක හරිද?"
හෝසොකුත් ටේහ්යුංගේ වෙනස ගැන එයාගේ හිතේ තිබුණු දේ කිව්වා... කටවහගෙන ඉන්න එකෙත් සීමාවක් තියෙනවනේ...
"මේක වැදගත් වැඩක් ඇවිත් කියන්නම්..."
ටේහ්යුං එයාගේ හඩ බාල කරලා කියලා ආපහු ගහලා තියෙව ගැටේ ගලෝ ගන්න ට්‍රයි කලා... ඒත් ඒක හිතන තරම් පහසු නම් නෑ... ටේහ්යුං කොහොමද අමතක කලේ මේ එයාගේ යාලුවෝ කියලා...
![](https://img.wattpad.com/cover/309558100-288-k925031.jpg)
YOU ARE READING
MY TOPS|VMK|✔
FanfictionVMinKook story -Top Taehyung -Top Jimin -Bottom Jungkook ~Jimin, who was the coolest boy in the university, was very talented and won everyone's hearts and continued his work... ~ Taehyung, who was the hottest boy in the university, was a v...