-Chapter 19-

869 219 26
                                    

"අපි එහෙනම් එලියට යන්නම්, ජිමින් ඔයාට බැරිනම් අද අපි ජන්කුක්ව ගිහින් බස්සන්නම්"

ජින්, ජන්කුක් ජිමින් දෙන්නව තනි කරන්න ඕන නිසා එලියට යන්න ගියා... ජිමින් කොහොමත් දැන් ජන්කුක්ව ගෙදරින් ගිහින් බස්සන වැඩේ කරන නිසා අද එයාට ටිකක් අමාරු නිසයි ජින් එහෙම ඇහුවේ...

"නෑ මට පුලුවන්..."

ජිමින් එහෙම කියලා එයා ඉස්සරහා ඇස් බෝල කරගෙන ඉන්න ජන්කුක් දිහා බැලුවා... ජිමින්ගේ හදවතට ලොකු දුකක් දැනුනා ඒ මූණේ තුවාල තියෙනවා දැක්කාම...

"හම් බෙහෙත් දාගන්න ඕවට"

"හරි"

ජින්, නම්ජූන් දෙන්නා එලියට ගියා... ජිමින් තාමත් ජන්කුක් දිහාම බලාගෙන උන්නා... ජන්කුක් ලස්සනයි, අහිංසකයි... ජිමින්ටවත් හිතාගන්න බැරි විදිහට ජිමින් ජන්කුක්ට කැමති වෙන්න අරගෙන... ඒක නිසාම මේ සිද්ධිය ජිමින්ව ගොඩක් රිද්දුවා...

"චිමී හියුන්ගී ඔයාට හුගක් රිදෙනවාද?"

ජිමින් කතා කරන්නේ නැති නිසා ජන්කුක් ඇහුවා... ජන්කුක් දැන් ජිමින්ලා එක්ක කතා කරන්න බය නෑ...

"ඔව් රිදෙනවා ඒත් ඒ මගේ තුවාල නිසා නෙවෙයි"

ජිමින් කතා කරෙත් ගොඩක් දුකෙන්... ඒක ජන්කුක්ටත් තේරුනා

"එහෙනම්"

"ඔයා නිසා... ඔයා ඇයි කුකී එතනට ආවේ? මොන මෝඩ වැඩක්ද ඒ මැදට පැනලා කලේ? මං කොච්චර බය උනාද කියලා ඔයා දන්නේ නෑ... ඔයා ගැන බලන්නවත් බැරුව මං ඔෆිස් එක ඇතුලේ උන්නෙත් සිහියෙන් නෙවෙයි..."

ජිමින් කියාගෙන කියාගෙන ගියා... ජිමින්ගේ ඇස් වලට කදුලුත් උනලා තිබුණා... එයා ඒ තරම් ජන්කුක් ගැන හිතලාද? ජන්කුක්ගේ හදවත තවත් වේගෙන් ගැහුනා... ඒත් ජිමින් තවමත් ගොඩක් දුකින්

"චිමී හියුන්ගී..."

ජන්කුක් ජිමින්ගේ අතින් අල්ලගත්තා...

"සොරි කුකී ඇත්තටම ඔයාට ඒක රිදෙන්න ඇති නේද? ඒක-ක නිල් වෙලා"

ජිමින් ජන්කුක්ගේ මූණේ තිබුණ තැලීම් පාර අතගෑවා.. හැබැයි ඒ තූල්ල ජිමින්ගේ පාරක් නිසා නෙවෙයි ඒක ටේහ්යුංගේ පාරක් නිසයි උනේ... ජිමින්ගේ පාර ඇත්තටම ජන්කුක්ගේ තොලකටයි වැදුනේ... ජන්කුක්ගේ තොල පැලිලා තියෙන්නේ ඒ පාර නිසයි...

MY TOPS|VMK|✔Where stories live. Discover now