-Chapter 34-

972 231 26
                                    

ටේහ්යුං ඇදගෙන ආව ජන්කුක්ව වේගෙන් ස්පෝට් රූම් එකේ කබට් තියෙන පැත්තට තල්ලු කරලා දැම්මාම ජන්කුක් ඒ පැත්තට විසික් වෙලා ගිහින් වැටුනා... ජන්කුක්ටත් හිතාගන්න බෑ ටේහ්යුං ඇයි එයාව එහෙම ඇදගෙන ආවේ කියලා... හැබැයි එයාට එක දෙයක් නම් ස්තීරයි ඒ එයා අද ඉවරයි කියලා...

ටේහ්යුංට ගොඩක් තරහා ගිහින් තිබුණා... ජන්කුක්ට ගහන්න ඕන උනත් ගහන්න බැරි නිසා ලග තිබුණු කබට් එකට ගහගෙන ගහගෙන ගියේ තරහව පොඩ්ඩක් හරි අඩු කරගන්නයි... ජන්කුක් ටේහ්යුංගේ හැසිරීමට තවත් බය වෙලා ඉකි ගගහා අඩන්න පටන් ගත්තා... ඒකෙන් උනේ නම් ටේහ්යුංට තවත් තරහා ගියපු එක විතරයි... ජන්කුක් ගාවට හෙමින් ආව ටේහ්යුං හිතන්නවත් කාලයක් නොතියා ජන්කුක්ව ශර්ට් එකෙන් අල්ලලා ඉස්සුවා... ජන්කුක් වේගෙන් ඇවිත් ටේහ්යුංගේ ඇගෙත් වැදිලයි නතර උනේ...

"අඩන එක නතර කරන්න"

කූල් ඩවුන් වොයිස් එකක් උනත් ටේහ්යුංගේ කටහඩේ තියෙන ගැඹුරු බව නිසාම ඒක එහෙම උනේ නෑ... ජන්කුක්ට අඩන එක නතර කරගන්න බැරි තරමට එයා දැන් හුගක් බය වෙලා...

"මං කිව්වේ තමුන්ට ඔය ඇඩිල්ල නතර කරන්න කියලා..."

ඒ පාර නම් ටේහ්යුං මහ හයියෙන් කෑ ගැහුවා...

"ගෑනු ලමයෙක්වගේ හැම එකකට අඩන එක දැන්වත් නතර කරනවා... තමුසේ පිරිමියෙක් නේද? ගෑනු ගොඩක් මැද අඩ අඩ ඉන්න උබට ලැජ්ජා නැද්ද?"

ටේහ්යුං ජන්කුක්ව අලල්ලා කබට් එකකට තද කලා...

"පිරිමියෙක් වෙලා දැන්වත් අඩන එක නතර කරනවා"

ටේහ්යුං ජන්කුක්ගේ මූණට කිට්ටු උනා... එයයි ජන්කුකුයි අතරේ දැන් තියෙන්නේ පොඩි පරතරයක් විතරයි... ටේහ්යුං ජන්කුක්ගේ ඇස් දිහා බැලුවාම ඒවා කදුලු වලින් පිරිලා බිමට හැරවිලා තිබුණා... ජන්කුක් එයාගෙම තොල තදින් හපාගෙන උන්නේ තවත් අඩලා අඩු වයසින් ස්වර්ගස්ථ වෙන්න දැන්ම ආසාවක් නැති නිසයි... ඇඩිල්ල නතර කරගන්න ලොකු වෙහෙසක් දරන ජන්කුක්ගේ කම්මුල්, කන් දෙක රතු වෙලා තිබුණා... ටේහ්යුං ජන්කුක්ගේ මූණ ලගම ඉදන් මේ සේරම දිහා එකින් එක බැලුවා... ජන්කුක් ලස්සයි, නෑ එයා හුරතල්...

MY TOPS|VMK|✔Where stories live. Discover now