𝙺𝚒𝚖 𝚃𝚊-𝚕𝚒

1.6K 259 13
                                    

"ආ....ආ....ඔම්මා...."

"ටාලි ඔයා හොඳින්ද?"

"ජ.. ජන්ග්කුක්... හොල්... හොල්මනක්.."

එයාලා ගේ ඇතුලට එන්න හැදුවා විතරයි. ටාලි එකපාරටම බයවෙලා කෑගහපු නිසාම ජන්ග්කුක් එයා පෙන්නපු දිහාවට හැරිලා බැලුවා.

"යාහ්...බෙරිහන් දෙන්නේ නැතුව යන මඟුලක යනවලකෝ... පෙන්නේ නැද්ද මන් ෆිල්ම් එකක් බලනවා."

හොල්මන...වෙන විදියකින් කිව්වොත් මින්සු එයා ඔලුවේ ඉඳන් පොරවාගෙන හිටපු බෙඩ් ශීට් ඒක අයින් කරලා එයාගේ ගෙදරට ආපු අමුත්තන්ව පිළිගත්තේ ඒ විදියට.

"යාහ්... පාර්ක් මින්සු, තමුසේ ඔලුවේ ඉඳන් පොරවාගෙන ඔහොම හිටියම කවුරුත් කෑගැහුවේ නැත්තන් ඒක තමයි මෙතන තියෙන පුදුමේ."

"මන් ඔලුවේ ඉඳන් පෙරවගෙන හිටියේ මට සීතල නිසා මෝඩ ජියෝන්... ඔයාටයි ඔයාගේ මේ හාෆ් නේක්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ්ටයි එහෙම දෙයක් දැනෙන්නේ නැති වුණාට මට සීතල දැනෙනවා."

ටාලිගේ උඩ ඉඳන් යටට බලලා වමනේ යන ලුක් එකක් මූණට ආරූඪ කරගත්ත මින්සු ඒ ලුක් එකෙන්ම ජන්ග්කුක් දිහාට හැරිලා කියවගෙන ගියා.

"බේබි අපි ඔයාගේ රූම් එකට යමුකෝ..."

මින්සු දිහා බලාගෙනම ජන්ග්කුක්ගේ අතේ එල්ලිලා ටාලි එහෙම කිව්වත් කෙල්ල එයාලා දිහා නෙවෙයි ටීවී ඒක දිහයි එහෙම බලන් ඉන්නේ කියලා දැක්කම ටාලිට පොළොව පලන් යන්න හිතුනා.

"හ්ම්."

එත් පඩිපෙළේ මඟක් දුර ගිහින් ජන්ග්කුක් ආයෙත් හැරුනා.

"යාහ්... පාර්ක් මින්සු, තමුසේ රෑට කෑවද?"

මේ ටාලිට පොළොව පලන් යන්න හිතුන දෙවනි පාර.ඒත් කෙල්ලගෙන් උත්තරයක් හම්බුනේ නෑ.මොකද ඉක්මනටම ගෙදර බෙල් එක වැදුනා... ජන්ග්කුක්ට ගේ ඇතුලේ තරු පේන්න ගත්තේ දැන් එයාගේ අප්පා ආවොත් ටාලිව හංගන්නේ කොහේද කියලා මතක් නොවුන නිසා.ඒ නිසා එයා ටාලිව පඩිපෙළේ දාලා ආයෙත් පහලට දිව්වේ මින්සු දොර අරින ඒක නවත්තන්න. ඒත් එයා පරක්කුයි.

"කුමාවොයෝ ඔප්පා. මන් හිතුවේ නෑ අදත් ඔයා ඒවි කියලා."

"මන් හිතුවෙත් නෑ මිස්ව ආයෙත් හම්බවෙයි කියලත්. ඒකෙ තිබ්බේ ජියෝන් මින්සු කියලනේ... කොහොම වුනත් මිස්ව ආයෙත් හම්බවෙච්ච ඒක සතුටක්. මෙන්න මිස්ගේ ඉතුරු සල්ලි."

𝚃𝚑𝚎 𝚃𝚛𝚞𝚝𝚑 𝚄𝚗𝚝𝚘𝚕𝚍 |𝙹𝙹𝙺| 🍂🌼 ||ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ||Unde poveștirile trăiesc. Descoperă acum