𝚃𝚑𝚎 𝙼𝚊𝚛𝚛𝚒𝚊𝚐𝚎..𝚆𝚒𝚝𝚑 𝙷𝚒𝚖?

Start from the beginning
                                    

'ආයිශ්...මට බෑ මෙහෙම රගපාන්න.මොන විකාරයක්ද මේ?..මින්සුයා හිතන්න එපා එයා වෙනුවෙන් ඔයා මේ දේ කරන්නම ඕනි.ඇයි දැන් මං අඩන්නේ?.ඩේම්න්...ෆකින් ටියර්ස්...බී ස්ට්‍රෝන්ග් මින්සු.ඔයාව සල්ලි දීලා ගන්න ආපු අය වුණත් එයාලා ඔයාට වැරැද්දක් කරන එකක් නෑ...ඔයාව එයාලට වටිනවා.ඒත් එයාලා මට ආදරෙයි වගේ රඟපාන්නේ ඇයි?'

"බේබි...ඔයා හොඳින්ද?"

අජුම්මගේ කටහඬින් මින්සු ගැස්සිලා ගියා.

"ඕහ්..මං හොඳින් අජුම්මා..ඊළග සැරේ මාව ඔහොම බය කරන්න එපා.මං හොඳින් නැතිවෙයි."

"මට සමාවෙන්න.බේබි දැන් යන්නකෝ..මං මේ කොෆී ටික අරන් එන්නම්."

"ඉතින් මිස්ටර් ජියෝන්,පුතා ආවේ නැද්ද?"

කොෆී බොන අතරෙම ජේහ්‍යුන් එහෙම ඇහුවා.

"අනේ අපිට සමාවෙන්න මිස්ටර් පාර්ක්.අපේ කොල්ලට වැඩක් වැටුණනේ...ඒකයි එන්න බැරි වුණේ."

ඒත් එයාලා කිව්වෙ නෑ එයාලා ගෙදරින් එද්දි ඊයේ ක්ලබ් ගිහින් ගෙදර ආපු එයාලගේ සූටි පුතා,එයාලගේ ඥාති පුතා වෙච්ච හෝබිවත් බදාගෙනම හොඳට ගුලිවෙලා නිදාගෙන හිටියා කියලා...ඇත්තනේ රෙද්දක් ඇඳගෙන ඒක කියන්නේ කොහොමද?

"අනේ ඔව් මිස්ටර් පාර්ක්,කුකී ඉතින් අද නැති වුණාට මොකෝ ඉන්නම ඕනි දවසේ මින්සු ගාව ඉදීවි නේ."

හැබැයි කෙල්ල ඒකට නම් රතුවුණා.නෑ නෑ ලැජ්ජාවට නෙවෙයි...කේන්තියට...ජන්ග්කුක් එයාව හෑල්ලු කළා කියලා හිතට ආපු කේන්තියට.

'කුකී...මට පේන්නේ මිසිස් ජියෝන් ඕනිවටත් වඩා හුරතල් කරලා වගේ..වට් අ ශේම්ලස් බ්‍රැට්?මූ මං කවුරු කියලද හිතන් ඉන්නේ?'

මින්සු හිතුවා විතරයි.කියන්න ගියේ නෑ...

"ඉතින් පැටියෝ,අපි ගිහින් එන්නම්...ඔයාගේ ඩ්‍රෙස් එක ගැන බලන්න ඔයාව එක්කගෙන යන්න මම එන්නම්.අපිට මේ වීක් එකේ ගොඩක් දේවල් කරන්න තියෙනවා.හොදට කාලා පරිස්සමට ඉන්න හරිද?..යන්නම් මිස්ටර් පාර්ක්,අපේ කෙල්ලව පරිස්සමට බලාගන්න."

𝚃𝚑𝚎 𝚃𝚛𝚞𝚝𝚑 𝚄𝚗𝚝𝚘𝚕𝚍 |𝙹𝙹𝙺| 🍂🌼 ||ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ||Where stories live. Discover now