𝙷𝚎 𝙲𝚊𝚗'𝚝

Start from the beginning
                                    

"කොහෙද මගෙ දරුවා?මට එයාව බලන්න ඕනි."

"දැන්ද මිස්ටර් පාර්ක් ඔයාට තවත් දරුවෙක් ඉන්නවා කියන එක මතක් වුණේ?ඒකට එක දරුවෙක් මැරෙනකල්ම ඉන්න ඕනි වුණාද?"

ටේහ්‍යුන් එයාගේ පාර හරස් කළා.

"කිම් ටේහ්‍යුන්,තමුන්ට මගෙ පවුලෙ ප්‍රශ්න අදාල නෑ..මට යන්න දෙනවා...මගෙ කෙල්ලව මට බලන්න ඕනි."

"මට තමුන්ගේ ප්‍රශ්න අදාල නෑ තමයි පාර්ක් ජේහ්‍යුන්,ඒත් ජිමිනයි,මින්සුයි කියන්නේ මගේ පවුල...තමුන් දැනටමත් මගේ සහෝදරයව මගෙන් උදුරගෙන ඉවරයි...මගෙ මින්සුව මං තමුසෙට දෙන්නේ නෑ."

"ටේහ්‍යුන් කූල් ඩවුන්...ප්ලීස්..මිස්ටර් පාර්ක්,අපිට සමාවෙන්න.ඒත් එයාව මේ වෙලාවේ කාටවත් බලන්න බෑ..."

"ඒත් සොක්ජින්,ඒ මගෙ දරුවා..."

"කිව්වම තේරෙන්නෙ නැද්ද මිස්ටර් පාර්ක්...කෙල්ලට සිහිය නෑ.එයාට සිහිය එනකල් එයාව බලන්න අපිටවත් බෑ...මොන පිස්සු මනුස්සයෙක්ද මන්දා..."

ඒ පාර වලිගේ පාගගත්තේ ජින්...ඒත් කොල්ලා තවත් මොකුත් කියන්න කලින්ම ඩොක්ටර් මින්සුගේ වෝඩ් එකෙන් එළියට ආවා.

"ඔයාලා මිස් පාර්ක් ගේ පවුලේ අයද?එයාට සිහිය ආවා.ඔයාලට පුලුවන් එයාව බලන්න."

අහපු සැණින් ජේහ්‍යුන් එතන හිටපු ඔක්කොම පෙරලගෙන ඇතුළට දිව්වා.ඒත්,

"යනවා...මගෙ ළඟට එන්න එපා...එළියට යනවා."

"මින්සුයා,මං ඔයාගෙ අප්පා...ඔයාට මාව අඳුරගන්න බැරිද?"

"යාහ්...පාර්ක්‌ ජේහ්‍යුන්,ඔයා මට විහිළු කරනවද?..මට තමුන්ව ඕනිවටත් වඩා හොඳට මතකයි...මෙතනින් යනවා.මට පාඩුවේ ඉන්න දෙනවා."

මින්සුගේ කෑගැහිල්ල නිසාම එළියේ හිටපු ඩොක්ටර් එක්ක ටේහ්‍යුන්,ජින් දෙන්නා ඇතුළට ආවා.

"මින්සුයා..සන්සුන් වෙන්න මැණික.අපි ඔයා එක්ක ඉන්නවා."

"ඔප්පා...."

𝚃𝚑𝚎 𝚃𝚛𝚞𝚝𝚑 𝚄𝚗𝚝𝚘𝚕𝚍 |𝙹𝙹𝙺| 🍂🌼 ||ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ||Where stories live. Discover now