හැපි ටූ ටූ

Start from the beginning
                                    

මගෙ කම්මුල් දිගට ඉබේම කඳුළු පෙරෙද්දි එයා හරි සිහියකට ආවා.. ඒ ඇස් හොඳටම කලබල පාට වුණා... මහ කලබලේකින් දුවගෙන ගිහින් කාමරේ මුල්ලකට විසිවෙච්ච ෆෝන් එක හොයාගෙන ඇවිත් ගැහෙන ඇඟිලිවලින් මගෙ දෝතටම හිර කලා..

"ස්..සොරිහ්... සොරි අඬන්න එපා ප්ලීස්..."

මං මුකුත් නොකියම වැරැද්දක් කරලා අහුවුණ පොඩිඑකෙක් ගානට බ්ලැන්ක්ට් එක මිරික මිරික බිම බලන් හිටියා... ඒත් කඳුළු නැවතුනේ නෑ.. මොකක්දෝ දුකකින් පපුව හාරන හින්දම මං ඔහේ ඇඬුවා.. හැබැයි ඒ එයාගෙ තොල් හරි පරිස්සමින් ඇවිත් මගෙ තෙත කම්මුලක වදිනකම් විතරයි...

"සමාවෙන්න මැණික.. මට ඉබේම ලිමිට් එක පැන්නවෙනවා.. මට සමාවෙන්න. ම්හ්හ්... කන්න මොනවද ඕනෙ? ඕනෙ දෙයක් කියන්න මං ගෙනත් දෙන්නම්..."

නෑ.. මං වචනයක්වත් පිට කරේ නෑ.. බැරිම තැන එයා බර හුස්මක් එක්ක දුකපාට කරගත්තු මූණකින් යන්න හදද්දි මං හදිස්සියෙන් මිමිණෙව්වා..

"මට චව් මේන් ඕනෙ..."

"මොකා?? මොන මේන්??"

"චව් මේන්.. ඒක චයිනීස් නූඩ්ල් එකක්.. බීෆ් දාපු වව්මේන් එකක් ඕනෙ මට..."

ප්ෆ්ෆ්... එයාගෙ ඇස් උඩගියා..

"අ.. අපි රාම්‍යොන් කමු... නෙහ්? එව්වත් නූඩ්ල්ස්මනෙ.. ඔව්නෙ හරි මං හදන් එන්නම් ඉක්මනට..."

"එපා.. මට ඕනෙ චව්මේන් හරි ලෝමේන් හරි.."

දෙයියනේ දැන්නම් චෙරි ගෙඩියක් ගානටම රතුවෙලයි ඉන්නෙ... කොයිම වෙලාවක හරි පුපුරන්න පුළුවන්.. මං කෝකටත් චුට්ටක් පස්සට වුණා..

"යා... මොන ඉලව්වක්ද කියවන්නෙ තමුසෙ ආ?? කොහෙන් හොයාගත්ත කෑමක්ද ඔය.. දන්නවද දැන් වෙලාව කීයද කියලා.. රෑ දොළහටත් කිට්ටුයි... හෙට පාන්දරම යන්නත් ඕනෙ.. මේ මල රෑ මං කොහෙන් හොයන්නද ඔව්වා.."

හරි. දැන් තමයි අඬන්න වෙලාව.. මං මූණ හොඳටම දුකපාට කරගත්තා... බෝලවෙච්ච පපී ඇස් දෙකකුත්තෙක්ක.. තොලත් නොපිටට පෙරලගෙන දෙතුන් පාරක්ම වෙව්ලෙව්වා... නෑ ඒක ඉබේමයි වුණේ.. ඇත්තමයි මට දුක හිතුනා... මොකට මෙච්චර දුක හිතෙනවද නොතේරෙන තරමටම දුක හිතුනා..

Love Me Like You Do || Complete || ✅Where stories live. Discover now