𝚆𝚑𝚘 𝙸𝚜 𝚂𝚑𝚎?

Start from the beginning
                                    

"යාහ්...පාර්ක් ජිමින්,මං හැමවෙලේම එහෙම නෑ..."

මින්සු අත් දෙක බැඳගත්තේ මූණත් බුම්මගෙන.

"හරි හරි මගෙ පිස්සු හොල්මන...හැබැයි ආයෙත් මාව එයාගෙන් බේරගන්න එන්න එපා.මට ඕනි නෑ එයා ඔයාට රිද්දනවා බලන්න."

"ඒත් මං කොහොමද වැරැද්දක් නැතුව ඔයා එයාගෙන් ගුටි කනවා බලන් ඉන්නේ?"

"මං දන්නවා මින්සුයා.මං වැරැද්දක් කළේ නෑ...ඩාන්සින් කියන්නේ ඔයාගෙන් පස්සේ මං මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන දේ.ඒක වැරැද්දක් නෙවෙයි...ඒත් එයා කියන්නේ එහෙමනේ...ඒක ලැජ්ජාවක් එයාට."

"ඒත් ඇයි අප්පා ඔයාට ගහන වෙලාවට ඔයා අඩන්නේ.?"

"මට රිදෙනවා මැණික...දරාගන්න බැරි තරම්..රිදෙනවා..."

"හරි...ඒක අමතක කරමු.අද කම්පෙටිෂන් එක කොහොමද?"

"ඔයා දන්නවනේ ඉතින් මං ගැන...පුරුදු විදියට කප් එක ටේ ගාව."

"වෝහ්..ඔයා මරුනේ පාර්ක් ජිමින්."

"යාහ්,මං තමුසෙගෙ ඔප්පා....හරි ඉතින් මට හග් එකක්වත් දෙන්නෙ නැද්ද?"

ජිමින් අත් දෙක පුළුවන් තරන් ඈත් කරලා අහද්දි තමන්ගේ ලෝකේ වෙච්ච තමන් වැඩිපුරම ආස වුණ ඒ උණුහුමට මින්සු ආදරෙන් තුරුල් වුණා.

"ඉතින් ඔයා කවද්ද බිස්නස් බාරගන්නේ?"

"කවදාවත් නෑ."

"මොකක්?"

කෙල්ල එයාගෙ ඇස් පුලුවන් තරන් ලොකු කරගෙන ජිමින්ගේ මූණට එබුණා.

"අපි ඉක්මනට මෙහෙන් යමු මින්සු.මං මට පුලුවන් ඉක්මනින් ඔයාව මෙහෙන් එක්කගෙන යනවා."

"කොහේද අපි යන්නේ?"

"අප්පට අපිව හොයාගන්න බැරි තරම් දුරකට."

"එයා හොයයි.මාව නැතත් ඔයාව හොයයි..."

"එයාට හොයාගන්න වෙන්නෙ නෑ."

"ඒත් එහෙම වුණොත් එයා තනි වෙයි.එතකොට ක්ලබ් එක,පාර්ක් ගෲප් එක..."

𝚃𝚑𝚎 𝚃𝚛𝚞𝚝𝚑 𝚄𝚗𝚝𝚘𝚕𝚍 |𝙹𝙹𝙺| 🍂🌼 ||ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ||Where stories live. Discover now