"කුකී..."

"බබා..."

ටේහ්යුං, ජිමින් දෙන්නම ජන්කුක්ව හග් කරගත්තා...

"ඕකේ එහෙනම් අපි මෙහෙම කරමු... සතියක් ඔයා අපි දෙන්නගෙන් කෙනෙක්ගේ ගෙදර ඉන්න ඊගාව සතියේ අනිත් කෙනාගේ ගෙදර ඊගාවට ආපහු පලවෙනියට උන්න කෙනාගේ... ඔන්න ඔහොම කුකීට පුලුවන් එතකොට අපි දෙන්න ගාවම ඉන්න... මොකද ඔයා හිතන්නේ ඒ ගැන?"

ජිමින් එයාගේ අදහස කියලා ටේහ්යුංගෙන් ඒ ගැන දක්වන කැමැත්ත ඇහුවා...

"ඔව් ඒක හොදයි... මමත් කැමතී ඒකට- එතකොට අපිට රණ්ඩු වෙන්න දේකුත් නෑ ඔයාට පුලුවන් අපි දෙන්නගේම කාමරවල අපේ ඇදේ- ආව්..."

ටේහ්යුං කතාව දුරදිග යවන්න කලින් ජිමින් එයාගේ කට වැහුවේ ඔලුවට හොද ෂොට් එකක් දීලයි...

"හ්ම්~ මමත් ඒකට කැමතී.."

ටේහ්යුංගේ කටට පිං සිද්ධ වෙන්න රතු වෙලා උන්න ජන්කුකුත් කැමැත්ත ප්‍රකාශ කලා...

ටිකක් වෙලා එතනම තවත් දේවල් ගැන කතා කර කර ඉදලා තුන් දෙනාම පාක් එකේ ඇවිදින්න පටන් ගත්තා... එයාලා යාලු උනාට පස්සේ එයාලා විවේකයක් තියෙන හැම වෙලේකම කොහේහරි යනවා වගේම ජන්කුක් සතුටින් තියනවා හැම වෙලේකම...

අදත් ඒ වගේ දවසක් නිසා උදේම කොල්ලෝ දෙන්නා එයාලගේ පුංචි බෝයිෆ්‍රෙන්ඩ්ව අරගන්න ගියත් කොහෙද ජන්කුක්ගේ බොඩිගාඩ් එහෙම ලේසියෙන් එයාව මේ පිස්සො දෙන්නට දෙන්න කැමති උනේ නෑ... අවසානේ වැදලා වැදලා, කිචන් එකේ තිබ්බ සේරම භාජනත් හෝදලා දුන්නට පස්සේ ඔන්න යාන්තම් ජන්කුක්ව එයාලට ලැබුණා... ආදරය කරද්දී කට්ට කන්න වෙනවා කිව්වට කවුද හිතුවේ මෙච්චර උල් කටු වෙයි කියලා... තාමත් රිදෙනවා රිදෙනවා වgay

"ටේහ්යුංගී මං වැටෙයි අනේ..."

ජන්කුක් කෑ ගැහුවේ එයාව කරට අරගත්ත ටේහ්යුංටයි... ඒත් ජන්කුක්ගේ කෑ ගැහිල්ල ගනන් නොගත් ටේහ්යුං ජන්කුක්වත් උස්සගෙනම පාක් එක වටේ දුවන්න පටන් ගත්තා... ජිමිනුත් එයාලට එකතු වෙද්දී හවස් වෙනකංම එයාලා පාක් එකේ උන්නේ ගොඩක් සතුටින්...

ජන්කුක්ගේ ආසාව නිසා වර්ග තුනකින් ice cream එකට දාලා අරගෙන දුන්න ජිමින් බැරිවෙලාවත් ඒ දිහා නොබලන්න වග බලා ගත්තා... මෙහෙමයි ජන්කුක් තොලුත් උල් කරගෙන, කටවටේම අයිස්ක්‍රීම් ගාගෙන කන දිහා බලන්න ඕන උනත් ජන්කුක්ට අරගෙන දුන්න අයිස්ක්‍රීම් එක දිහා බලන්න බැරි තත්වයක් තමයි තිබුණේ...

MY TOPS|VMK|✔Where stories live. Discover now