" හ්‍යුන්ගී..."

එකපාරටම දුවන් ආව පුලුන් බෝලේ මාව තද කරලා බදාගන්නකොට මන් එයාව තදින් තුරුල් කරගත්තා...මට මොන දේ උනත් ඔයාව ආයි අතාරින්නේ නෑ මැණික..

එදා ඉදන් අවුරුදු අටක් මන් මහන්සි වෙලා ඉගෙන ගත්තා...මන් ස්පෙශලිස්ට් කෙනෙක් වෙනකම් ඉගෙන ගත්තේ මගේ කුකීව හොද කරගන්න ඕන නිසායි..

එතකොට මගේ කතාව මුලදි ඇත්ත කියලා පිලිනොගත්තාත් පස්සේ යූන්මින් දෙන්නා කුකී නිසා පිලිගත්තා..මොකද හැමදෙටම සාක්ශිකාරයා එයා..ඒ නිසාම අවුරුදු ගානක් යූන්ගි නම්ජුන්ව හෙව්වා..කිම් නම්ජුන් කියලා කෙනෙක් බුසාන් වල හිටියේ නෑ..

නම්ජුන්ව හොයන ගමන් මන් බලාපොරොත්තු උනා වගේම මට පුලුවන් උනා මගේ කුකීව හොද කරගන්න...කාලෙත් එක්ක තාක්ෂණය දියුණු වෙනකොට මගේ අත්වලින්ම මන් එයාගේ ඔපරේශන් එක කරා..

දැන් මගේ කුකී ලස්සන ජිවිතයක් ගත කරනවා..ඔහ් එයා දැන් ඩාන්සර් කෙනෙක්...ඒ වගේම කුකී දැන් ලවර් කෙනෙක්...කිම් ටේහ්‍යුන්ගේ ලවර්...

ඔව් ඔව් මගේ වගේම කුකීගෙත් හිත ගත්තේ එකම පවුලෙන්...කිම් නම්ජුන්ගේ මල්ලි කිම් ටේහ්‍යුන්ගේ ලවර්..හැබැයි ටේහ්‍යුන් දන්නේ නම් නෑ මන් එයාගේ හ්‍යුන්ගේ ආදරේ වෙන්න යන්නේ කියලා..

මීට අවුරුදු තුනකට කලින් නම්ජූන් බුසාන් එයාගේ මල්ලී ටේහ්‍යුන් එක්ක ආවා..ඒ ස්ටඩීස් වලට...හරියටම අපේ ගෙදරට....මට පලවෙනි පත්වීම ලැබුනේ ටිකක් දුරින් නිසා කුකී එක්කම මට ඒ ගෙදර රෙන්ට් එකට දීලා හොස්පිටල් එක ලගින් තැනක් ගන්න උනා..ගෙදර රෙන්ට් එකේ වැඩ බලාගත්තේ යූන්ගි...යූන්ගිව විශ්වාස නිසා මට ඒ ගැන බලන්න ඕන උනේ නෑ...ඒත් එදා...මන් දැක්කා මගේ ගෙදර රෙන්ට් එකට අරන් ඉන්නේ නම්ජුන් කියලා..

මන් වගේම එයාත් අවුරුදු හයකට පස්සේ මගේ ගෙදර ජීවත් උනේ එයාගේ මල්ලි එක්ක..

එදා ඉදන් මන් නම්ජුන් දිහා අවුරුදු තුනක් හොරෙන් බලන් හිටියා..මොකද නම්ජුනුයි මායි ආදරේ කරන්න ගන්නකම් මට ඉන්න උනා...දැන් මන් හිටියත් නම්ජුන් තාම මට ආදරේ කරන්න පටන් අරන් නෑ....මොකද නම්ජුන් දැන් මාව දන්නේ මිස්ටර් කිම් විදියට මිසක් එයාගේ ආදරේ ජින් විදියට නෙමෙයි...

අන්තිමට මන් මේ දවස එනකම් බලන් හිටියා..

______________________♡_________________________

______________________♡_________________________

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

______________________♡_________________________

The Call || Namjin || Completed Wo Geschichten leben. Entdecke jetzt