chapter 4

178 49 3
                                    

" ශ්ශ්....අඩන්න එපා කුකී..."

එයාට මන් කියන ඒවා ඇහෙන්නේ නෑ කියලා දැන දැනත් මන් ඉතින් එයාව තුරුල් කරන් එයා පොඩ්ඩක් කන්ට්‍රෝල් වෙනකම් හිටියා...එයා අඩනවා මට බලන් ඉන්න බැහැ...මට ඉන්නේ එච්චරයි..මගේ ලෝකෙටම ඉන්නේ එයා විතරයි..

" එන්න අපි ටිප් එක දාමු..මන් හිතන්නේ ටිප් එක ගිහින්.."

මන් එහෙම්ම මගේ තුරුලේ ගුලිවෙලා ඉන්න කුකීවත් උස්සගෙන ගිහින් ටිප් ස්විට්ච් එක ඔන් කරා..ලයිට්ස් ආවම තමයි කුකී ආයි ඇස් ඇරියේ..මන් එහෙම්ම කුකීගේ මූන මගේ මූන පැත්තට හරව ගත්තා..

" දැන් බය වෙන්න එපා කුකී...හ්‍යුන්ගී ඔයාගේ ලග ඉන්නවානේ..."

මන් මගේ තොල් එයාට තේරෙන විදියට වැඩිපුරත් එක්කම හොල්ලලා කියනකොට එයා හා කියලා ඔලුව වනලා මට ආයි තුරුල් උනා..එයාට කන් ඇහෙන්නේ නැති උනාට අපේ තොල් දිහා බලලා අපි කියන්නේ මොනවද කියලා එයාට තේරුම් ගන්න පුලුවන්...කුකීට තේරෙන්න තොල් උල් කරලා කතා කරලම මට දැන් ඒක පුරුද්දට ගිහින්..

☎️🎼🎼🎼🎼🎼🎼

එකපාරටම ගෙදර ලෑන්ඩ් ෆෝන් එක රින්ග් වෙන්න ගත්තාම තමයි මන් ගැස්සුනේ..මන් ගැස්සුන නිසා මගේ තුරුලේ හිටපු කුකීත් ගැස්සුනාට මට විශ්වාසයි එයාට ඒ සද්දේ ඇහුනේ නෑ කියලා..

අනේ දෙයියනේ ඉක්මනට තාක්ෂණය දියුණු වෙන්න !!

" කුකී ඔහොම ඉන්න..කෝල් එකක්.."

මන් කුකීව උස්සලා අරන් පුටුවෙන් තියලා එක දිගට රින්ග්ස් යන ලෑන්ඩ් ෆෝන් එක ලගට ගියා...එහෙම්ම මගේ ඇස් ගියේ අද ඩේට් එකට..කැලැන්ඩර් එකේ ලොකුවට අද මාර්තු 23 කියලා ලියලා තියෙනකොට ඒක දිහා ටිකක් වෙලා බලන් ඉදලා මන් එහෙම්ම කෝල් එක ආන්ස්වර් කරා..

📞 යොබුසයෝ...

📞 මට large pizza එකක් ඩිලිවර් කරගන්න පුලුවන්ද ??

📞 Sorry wrong number

ආයිශ්..රෙද්දේ ව්‍රෝන්ග් නම්බර්සුත් එන්නේ මේ වගේ වෙලාවල් වලටමයිනේ..ෆෝන් එක කට් කරලා මන් කුකී ලගට යන්න හදනකොටම ආයි කෝල් එකක් ආවා..

☎️🎼🎼🎼🎼🎼

" ආයිශ්..එපාර කවුද ?? "

📞 යොබුසයෝ..

📞 Hello...මේහ් pizza hut එකෙන්ද ?? මට ලාර්ජ් පීසා..

📞 යාහ්...තමුසෙට කිව්වා නේද දැන් මේක wrong number එකක් කියලා..

📞 එත් මේ...

බීප්..බීප්...බීප්....

ෆෝන් එක කට් කරපු මන් එහෙම්ම කෝල් කරපු එකාගේ හත්මුතු පරම්පරාවටම බැන බැන ගිහින් කුකීවත් වඩාගෙන කාමරේට ගිහින් එයාව ඇදෙන් හාන්සි කරවලා බොහොම අමාරුවෙන් නිදිකෙරෙව්වා..අකුණු ගහන වෙලේට එයා ඇත්තටම බයයි..

☎️🎼🎼🎼🎼🎼🎼🎼

" ආයිශ්...ආයිපාරක්...ආහ්...කුඩු කරනවා මන් ඔය ෆෝන් කබල !! "

______________________♡_________________________

______________________♡_________________________

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

______________________♡_________________________

The Call || Namjin || Completed Wo Geschichten leben. Entdecke jetzt