chapter 2

259 55 1
                                    

" ඉක් ඔහ් ගෝර්ඩ් ඉක් මේ කරුමක්කාර ජිවිතේ ඉක් මට ඉක් එපා වෙලා...ඇයි මන් ඉක් මෙහෙම ජීවත් වෙන්නේ ?? ආඅහ්හ්....අයි ඉක් හේට් ඉක් මයි ඉක් ෆකින්ග් ඉක් ලයිෆ් ඉක්-.. "

මන් මගේ පුංචි ගෙදර රූෆ්ටොප් එකේ බැම්මේ වාඩි වෙලා සුපුරුදු විදියටම කෑ ගැහුවා..මේක තට්ටු දෙකක උස ගෙයක්...මේකෙන් බිමට මන් පැන්නොත් මොනවා වෙයිද ?? ඇත්තටම පනින්න ආසයි..එතකොටවත් මගේ මේ විකාර ජිවිතේ ඉවරයක් වෙලා යයිනේ...එක්කෝ මන් පැන්නා කියලා වැඩක් නෑ...මැරෙන්නේ නැති වෙයි..මැරෙන්නවත් මන් වාසනාවන්ත නෑනේ..ඒත් ඇයි මට බිම ඩබල් වෙලා පේන්නේ ??

" ඒයි කටවහගන්නවා !! අහල පහල මිනිස්සු නිදාගන්නේ නැද්ද ?? "

" ඔහ් ඉක් මියානේ..ඉක් මියානේ.."

කරුමක්කාර ජිවිතේ...නිදහසේ මට කෑ ගහන්නවත් නෑ...ඇයි මට නිදහසක් නැත්තේ..හහ් !! හද මොකද දෙපැත්තට වැනෙන්නේ ?? එයා මට හිනා වෙනවාද...ගෝර්ඩ් හදත් මට හිනා වෙනවා..

" ඒයි ඉක් මෝඩ හද...තමුසේ මට හිනා වෙනවාද ඉක් ?? තමුන් දන්නේ නෑ ඉක් මන් කවුද කියලා...මන් කිම් සියොක්ජින් !! ඉක් මන් තමයි මේ ලෝකේ හැන්ඩ්සම්ම කෙනා...ඉක් දන්නවාද ?? මට මිනිස්සු කියන්නේ ඉක් worldwide Handsome කියලා ඉක්...U know ?? ඉක් I am Kim Seokjin...worldwide Handsome kim seokjin "

" ඒයි තමුසේ දැන් කටවහගත්තේ නැත්තම් මන් පොලිසියට කෝල් කරනවා...රෑ මැද්දේ බීගෙන ඇවිල්ලා හැමදාම පිස්සෙක් වගේ කෑ ගහනවා...පිස්සා !! "

" ඉක් පිස්සා ?? යාහ් තමුසේ දන්නවාද මන් කවුද කියලා ඉක්.?? තමුසේ කොහොමද ඔහොම ඉක් මට කතා කරන්නේ ?? ඒයි අල්ලපු ගෙදර ඉක් තඩි පූස් නාම්බා ඉක්..තමුසේ දන්නවාද ඉක් මන් කවුද කියලා ?? ආහ් !! ඉක් - "

හප්පට ඒකට කේන්ති ගිහින්ද කොහෙද මෙච්චර වෙලා ගේ ඇතුලේ ඉදන් කෑ ගහපු අල්ලපු ගෙදර පූස් තඩියා බැල්කනි එකටම ආවා..මොකද මට පූසෝ තුන්දෙනෙක් පේන්නේ..එයාලා වැනෙනවත් එක්ක..

" මොකක්ද තමුසේ දැන් කියන්නේ ?? ආහ්...තමුසෙට ඇත්තටම වෙන කරන්න දෙයක් නැද්ද ?? හැමදාම රෑ මැදියම බීගෙන ඇවිල්ලා බෙරිහන් දෙන්නේ ?? නිදහසේ නිදාගන්නවත් නැති හැටි...තමුන් මේක හොදට අහගන්නවා...ආයි කෑ ගැහුවොත් එහෙම මන් පොලිසියට කම්ප්ලේන් කරනවා...කැස්වටුවා..!! "

The Call || Namjin || Completed Where stories live. Discover now