ජැකීගෙ දරුවා

Start from the beginning
                                    

හොඳට බඩ පිරෙන්න කන්න කූ.. චූටියටත්තෙක්කම කන්න ඕනෙනෙ දැන්... එකපාර ෆේන්ට් වෙන්න ආවොත් හරි මෝනින් සික්නස් ආවොත්හරි මෙහෙම කරන්න අරහෙම කරන්න කියලා උපදෙස් මහ හුඟක් දිදී එයා මේ ආපහු යන්න ලෑස්ති වෙනවා... ඇත්තනෙ යන්න එපැයිනෙ.. බොරු දේකට පපුවටත් ගිනි තියාගෙන සොවුල් දුවපු මගෙ මොට්ටයා මේ ටිකට උනත් මොන විනාසයක් කරගෙනද දන්නෙ නෑනෙ..

"ඔයාට ටේයි හොබීයි එක්ක ඉන්න පුළුවන් නේද කූ.. බය වෙන්න එපා.. මේ තැන කවුරුත්ම දන්නෙ නෑ... චිම් එහේ නොහිටින්න මං මේ හදිස්සියේ ඔයාව මෙහෙම මෙහෙ දාලා යන්නේ නෑ.. කොල්ලා ඉන්නෙත් හොඳ සිහියකින් නොවිච්චි කොට අර නොදරුවා ගැන බලන්නවත් කවුරුහරි ඉන්න ඕනෙනෙ නේද??"

ජින් හ්‍යොං හරි. එයාව බලන්න කෙනෙක් එහෙ ඉන්නම ඕනෙ.. අඩුගානෙ රසට කන්න බොන්න ටික හරි දෙන්න කෙනෙක්... ඒ නැතත් අඩන්න උරහිසක් දීලා දේවල් තේරුම් කරවලා චුට්ටක් ඔලුව අතගාන්න පුළුවන් කෙනෙක්..

"ඇත්තටම දරුවා ගැන එයාට කියන්න එපා ද කූ?"

"එපා.. එපා හ්‍යොං එයා දැනගන්න ඕනේ නෑ.."

දරුවා ගැන දැනගත්තොත් එයාගේ හැසිරීම කොහොම වෙයිද කියලා හිතාගන්නවත් බැරි හින්දම මට සද්දෙන් කෑ ගැහුනා. එයා ආවෙ කොරියාවට කියලා යුන්මි නූනා අදටත් නොදන්නකොට ඇත්ත දැන ගත්තු දවසට ඒ පපුවෙත් ගින්දර ඇවිලෙනවනෙ කියලා දන්න හින්දම මං කොහොමින් කොහොමහරි මේ දේවල් උහුලගන්න හිත හදාගත්තා..

"ඒකා මේ දේවල්වල ඇත්ත නැත්ත දැනගත්තු දවසට මේ ඉන්න දෙතුන්දෙනෙක්ගෙ මිනීවලවල් කපලා තියන්න වෙයි කුකී.. මං ඌ ගැන ඕනවටත් වඩා දේවල් දන්න හින්දා මේ කියන්නේ.. දැන් ඉන්නෙ ඉස්සර හිටපු මිනිහට අන්ත යකෙක් කියන්නත් ඔයා නොදන්නව නෙවෙයිනෙ..අනික මේක උගෙ අයිතිය.. දැනගත්ත දවසක පපුව පැලෙයි පව්.."

ටේ හ්‍යොං කතාකලේම කේන්තියෙන්.. කොයිම වෙලාවක හරි හ්‍යොංගෙ කටින් ඔය විස්තරේ එයාගෙ කනට යයි කියන බය මාව ආයෙ ආයෙත් තිගැස්සුවා.. දෝනිගැන වදවෙනවට අමතරව තව දේකුත් නොසෑහෙන්න හිත පාරද්දි එයාට දඩුවමක් තියෙන්නම එපැයි කියලා මහ නපුරු මිනිහෙක් ගානට මං දිගටම හිතුවා..

Love Me Like You Do || Complete || ✅Where stories live. Discover now