-Chapter 40-

Beginne am Anfang
                                    

"එයාට කතා කරන්න"

ජින් ඔරවගෙන වගේ කියද්දී ටක් ගාලා පිටිපස්ස හැරිලා ජිමින් ටේහ්යුං ගාවට ගියා... එයා දෙතුන් සැරයක්ම පිටට නම් තට්ටු කලා හැබැයි වෙරි මිනිස්සුන්ට ඕව තේරෙනවද වගේ ටේහ්යුං යස අගේට තාමත් රග පානවා... ආවසානේ ජිමින් ටේහ්යුංගේ කනට මොනවද කියනවත් එක්කම ටේහ්යුංනුත් පිටිපස්ස හැරුනා... ජන්කුක් ජින්ගේ පිටි පස්සට වෙලා හිනා වෙවී එයාගේ බෝයිපෙන්ලා දෙන්නගේ මගෝඩි වැඩේ මාට්ටු කරදීමේ සතුට සමරනවා... අරුන් දෙන්නට නම් හීන් දාඩිය විතරක් නෙවෙයි චූත් බරයි වගේලු~

"යකෝ මුං මට ලොකු ටෝක්ස් දුන්නේ කුකීව හොදට බලාගන්න කියලා හැබැයි බලං ගියාම මට ජන්කුක්ව ආරක්ෂා කරන්න වෙලා තියෙන්නේ ගෙදරට හොරෙන් පයින්න හදන ඔහේලා දෙන්නගෙන්නේ... දැන් දෙන්නම ගේ ඇතුලට යනවකෝ අපි කතා කරමු මේ සම්බන්ධව"

ජින්ගේ එක ඕඩර් එකට වීමින් ඩබල ගේ ඇතුලේ...

"හියුන්ගී එයාලා පව් අනී ඉන්න දෙන්නකෝ..."

"නෑ ඕකුන් දෙන්නා මේ මගේ ගෙදරට හොරෙන් පයින්න හැදුවේ ලේසියෙන් අතාරින්න හොද නෑ..."

"මගේ හියුන්ගිලා පව් නේ හියුන්ගී..."

"හරි ඔයා ගැන හිතලා මං ඒ දෙන්නගේ ඇට දෙක ගලවන දඩුවම නොකර ඉන්නම්..."

ජින් ජන්කුක්ට එහෙම කියලා ඇතුලට ගියාම හොද හුස්මක් පිට කරපු එයත් ඇතුලට ගියා... හොද වෙලාවට දඩුවම අඩු කරගත්තේ නැත්නම් ඉතින් ජන්කුකීට තමයි පාඩු~ ජන්කුක් ඇතුලට යද්දිත් ටේහ්යුං ජිමින් දෙන්නා හරිම හොද ලමයි වගේ සොෆා එකේ ඉදගෙන ජින් දිහා හොරෙන් බලන ගමන් ඉන්නවා...

"අවසන් කැමැත්තක් තියේද ඔය මහත්තුරු දෙන්නට?"

J- "නෑ..."

T- "ඔව්..."

අවසන් කැමැත්ත~ ඒ කියන්නේ අපේ වීමින් ඩබලගේ අවසානෙද මේ?

"හරි දැන් කියනවා බලන්න ඇයි හොරෙන් එන්න හැදුවේ? මං තමුසෙලගේ යාලුවෙක් නේද? කතා කරානම් දොර අරිනවනේ..."

ජින් තරහින් ඇහුවා... ඒකට ටේහ්යුං තමයි පැනපු ගමන් කතා කරේ...

T- "ඒකත් ඇත්ත~"

MY TOPS|VMK|✔Wo Geschichten leben. Entdecke jetzt