පැනලා යන්ද?

Start from the beginning
                                    

"අනේ බේබිට හුඟක් මහන්සි පාටයි. කෑමනං ලෑස්තියි.. කාමරේට ගිහින් ඇඟපත සෝදගෙන එන්නකො..."

ඉස්සර මං චූටි දණගාන බබෙක් කාලෙ ඉදන්ම මගෙ පස්සෙන් වැටීගෙන මගෙ හැමදෙයක්ම වෙනුවෙන් හිටපු එකම මනුස්සයා.. මං කා එකෙන් බැහැලා එහෙමම අංකල්ව හරි හිරට පපුවට කරගත්තා. මගේ කියලා දැනෙන කෙනෙක්ට, තාමත් එහෙමම ඉස්සර සුවඳ දැනෙන කෙනෙක්ට කියලා හිටියෙ එච්චරක් විතරක්ම වෙනකොට මං හරි ආදරෙන් ඒ මනුස්ස පරාණෙ අස්සට ගුලි ගැහුණා..

"චූටි බේබි තාමත් එහෙම්මමයි..."

වෙව්ලන කටහඩකින් කැඩි කැඩී මිමිණෙද්දි ඇස් තෙත් කරන් කම්මුල් දිගට ගලපු කඳුළු පාරවල් මහ හුඟක් එයා හරි සීරුවට කමිස කරෙන් පිහිදගත්තා.

"වෙනස් වෙන්න මං මැරිලා ඉපදුනේ නෑනෙ බොරම් අංකල්.."

"අනේ ඉතිං ඒකත් හැබෑව. කෝ යංකො ගෙට.. තාම මේ මඟනෙ.. බේබි ආසයි කිය කිය කට්ටිය සතියක් තිස්සෙ ඉදන් කෑමජාති හදන්නෙ ඔන්න.."

කෑම ජාති කියද්දිම මට මතක් උනේම ෆිශ් කේක්.. අච්චරක් ආස කෑම ජාති තියෙද්දිත් කොහේදෝ තිබිච්ච එයාගෙ ආසාවක් මගෙ හිත අස්සෙන් හරි තදටම ඉලිප්පෙන්න අරගෙන තිබුනා...

ඒ ඔයා හැමපාරකම කොරියා ආවම ආසාවෙන්ම කාපු කෑම.. අපි ෆිශ් කේක් කාපු හැම දවසකම පපුව පිච්චෙන මොකාක්ම හරි දෙයක් සිද්ධ උනත් මට නොකා බෑ හිතෙන තරමෙම ෆිශ් කේක් බඩගින්නක් ඔඩුදුවලා තිබුනා... මට ඕනෙ.. එකම එක කටක් හරි ඕනෙ...

"අ.. අංකල් මට ෆ්.. ෆිශ් කේක් කන්න ආසයි.."

"අනේ.. මං දැනන් උන්නෙ නෑනෙ... හෙට උදේම ලෑස්ති කරවන්නම් බේබි..."

ලොකු ෆිශ් කේක් පාර්සලයක් දැම්ම ගෙන්නගෙන හරි කන්න කොහෙන්දෝ තිබ්බ උවමනාවක් හදිස්සියෙ මතුවුණත් මං මුකුත්ම නොකියා අංකල් බොරම්ගෙන් මිදිලා රූම් එකට ආවා..

මගේ කියන්න නොහිතෙන තරමටම වෙනස් වෙලා පොහොසත් වෙලා තිබුන රූම් එක දැක්කම මට සද්දෙන්ම හීල්ලුනා... ඔම්මගෙ අප්පගෙ ජියෝ ආන්ටිගෙ මතකවලින් ඉතිරිලා තිබ්බ ගෙදර මෙච්චර සෙනඟක් ඉදලත් මහ මූසල පාලු පාටක් අරගෙන තිබුනා.. ඔම්මලා හිටිය උනත් එයාලගෙ ආදරේ මැරිලා වලදාලම පැත්තකට කරලා තිබෙනා..  ඔයා කිව්වත් වගේ අද හරි අමුතුයි රත්තරන්.. මේ ගෙවෙන තප්පරෙන් තප්පරේට මට හරි අමුතුයි..

Love Me Like You Do || Complete || ✅Where stories live. Discover now