Chapter 12

265 47 28
                                    

මගෙ බෙල්ල හිර වෙන්න ගත්තා

මම දැඟලුවා

ඒත් එක්කම එක පාරටම ලණුව කඩාගෙන මම ඇදගෙන වැටුණා

මම ආයෙත් ලණුව බැන්දා
කලින් පාරට වඩා ගොඩක් තදින්

මම ආයෙමත් සැරයක් ලණුව බෙල්ලට දාගෙන හිර කරගත්තා

ඒත් එක්කම මේසෙ උඩ තිබුණ ෆෝන් එක ring වෙන්න ගත්තා

ඒ අම්මා

මම ලණුව බෙල්ලෙන් ගලවගෙන ෆෝන් එක ළඟට දිව්වෙ අසිහියෙන් වගේ

"අම්මේ..."



"පුතේ...
මගෙ පුතා පරිස්සමට ඉන්නවා නේද"

"ඔව් අම්මේ
අම්මා ඇයි එහෙම අහන්නෙ?"

"නෑ පුතේ
මගෙ හිතට අමුත්තක් දැනුනා
පුතාට කරදරයක් වෙයි කියලා හිත කියන්න ගත්තා"

මගෙ ඇස් වලින් කඳුළු බිංදු සට සට ගාලා වැටෙන්න ගත්තා

"නෑ අම්මේ මම හොඳින්"

"පුතා සමහරවිට මගෙත් එක්කයි අප්පච්චි එක්කයි තරහින් ඇත්තෙ
අපිට සමාවෙන්න පුතේ පුතාව තේරුම් නොගත්තට
අප්පච්චිටයි මටයි තේරෙනවා අපි පුතාට කරේ ලොකු අසාධාරණයක් කියලා
මේ අප්පච්චි ඉන්නවා අහන්නකො එයාගෙන්"

"පුතේ"

එ් අප්පච්චිගෙ ගොරෝසු කටහඬ

"අප්පච්චි"

"පුතා දන්නව නේද මට ඉන්න එකම වස්තුව පුතා කියලා

මම මේ හැමදේම කරේ පුතා ගැන තිබුන ආදරේට
ඔයා වැරදි පාරක යයි කියලා බයට
මගෙ පුතා මොන විදියට හිටියත් මම ආදරෙයි"

"මමත් අප්පච්චිටයි අම්මටයි ගොඩක් ආදරෙයි"








සමහරවිට එදා ඒ call එක අම්මා ගත්තේ නැත්නම්
මම ඒක answer කරේ නැත්නම්
අද මම මේ ලෝකෙ නැහැ

මම හිතුවෙ මම තනිවෙලා කියලා

ඒත් ඒ ඇත්ත නෙවෙයි කියල මට තේරුණා

වෙච්ච හැමදේම අතීතෙට බාර දීලා මම වෙනුවෙන් මගෙ අම්මයි අප්පච්චියි වෙනුවෙන් මට ආදරේ අය වෙනුවෙන් මම මගෙ ජීවිතේ ආයෙ පටන් ගත්තා

Happiness Where stories live. Discover now