Chapter 07

179 40 1
                                    

"කොහෙද ඕයි බලන්නෙ?"

හොස්ටල් එකේ අයියා මගෙන් එහෙම ඇහුවම මට දැනුනේ මට නාන ගමනුත් දහඩිය දාගෙන එනවා වගේ

මම එහෙමම අහක බලාගත්තා

එයා ඒක එච්චර හිතන්න නැතුව ඇති කියලා මම මටම හිතින් කියාගත්තා

"අපි රෑට රවුමක් දාන්න ඉන්නේ
උබත් වරෙන්"

අයියා කිව්වෙ නාලා ඉවර වෙලා ඇඟ පිහදාගන්න ගමන්

"අනේ මම වෙන දවසක එන්නම් අයියේ"

"අඩෝ වරෙන් කොල්ලො
උබ හැමදාම තනියෙන් නෙ රෑට"

"Exam එකත් ළඟයිනෙ
වැඩ ගොඩක් තියනවා. ඒකයි අවුල්"

"පිස්සුද *ත්තො කෙල්ලො වගේ O level වලට පාඩම් කරන්න
රෑට යන්න ලෑස්ති වෙලා හිටපන් "

"අනේ අනේ අයියේ "


එදා රෑ හොස්ටල් එකේදිත් මං බෑ බෑ කියද්දි මාව අයියා ඇදගෙන ගියේ හරියට බල්ලෙක් ව නාවන්න එක්කන් යනවා වගේ

හොස්ටල් එකේ අනිත් අයට ඇහෙන්නෙ නැති විදිහට සද්ද බද්ද නොකර එලියට ගිහින් security අන්කල් ට හොරෙන් අපි හය දෙනා හොස්ටල් එකේ වැටෙන් පැන්නා

රෑට හොරෙන් පනින එකෙත් අමුතුම ත්‍රිල් එකක් තියනවා කියලා මම දැනගත්තෙ එදා

වෙලාවට හොස්ටල් එකේ CCTV නැත්තෙ

හැබැයි තිබුනත් මේ පෝරිසාදයෝ ඒ ගැනත් බලා ගනියි

එයාලගෙ කතා බහෙන් තමයි මාව එක්කන් ආපු අයියගෙ නම ශේන් කියලා දැනගත්තෙ

එයාලා රෑට ඔහේ ඇවිදිනවා
ටවුන් එක පුරා ඇවිදලා රෑට ඇරලා තියන පුංචි කෑම කඩවල් වලින් කෑම කනවා

ජීවිතේ කවදාවත් විඳලා නැති අමුතුම නිදහසක් මම එදා වින්දා

"එහ් කොහොමද අද
සුපිරි නේද?"

අපි කන්න පටන් ගත්ත වෙලාවෙ ශේන් අයියා මගෙ ලඟට ඇවිත් ඇහුවා

"ඔව් අයියෙ
ගොඩාක් thanks මාව එක්කන් ආවට"

"දැන් ඉතින් හැමදාම එමු"
ශේන් අයියා එහෙම කිව්වේ මං දිහා බලාගෙන පොඩි ළමයෙක් වගේ හිනා වෙන ගමන්

Happiness Where stories live. Discover now