Chapter 10

181 35 5
                                    

ශේන් අයියාගේ කටහඬ ඇහුවා විතරයි මට හැමදෙයක්ම අමතක වෙලා ගියා

එයා කෝල් එක කට් කරාට පස්සෙයි මට දැනුනේ මට තාමත් අපායක ජීවත් වෙන්නෙ කියලා

මම එලියට යන්න බයයි

අර මිනිහා ෆොටෝ ටික කාට හරි පෙන්නලද දන්නෙ නැහැ

ආයෙත් ඒ මිනිහා මට කරදර කරයිද දන්නේ නැහැ

එදා රෑ මාව කවුරුවත් දැක්කද දන්නෙ නැහැ

මේ ගැන කාටවත් කියන්න විදිහක් නැහැ

කිව්වොත් අර අහිංසක ශේන් අයියත් මේවට පැටලෙනවා

මම සෑහෙන්න කල්පනා කරා



එදා දවසම මම හොස්ටල් රූම් එකෙන් එලියට ගියේ නෑ

මට කන්න වත් පිරියක් නෑ

හවස 6 කිට්ටු වෙද්දි මම රූම් එකේ ජනේලෙ ඇරගෙන එලිය බලන් හිටියා

කහම කහ පාට ඉර එළියෙන් හතර වටේ ගොඩනැගිලි ඔක්කොම නෑවිලා ගිහින්

මේ වෙලාවට වැටෙන ඒ අව්වට අම්මා කිව්වේ රාස්සි ගෙ අව්ව කියලා

"ඒ උබ එනවද අද රෑට පනින්න?"

මාව ගැස්සිලා ගියා
ඒ චාමික අයියා
හති දාගෙන මගෙ කාමරේ දොර ළඟ

"අනේ බෑ අයියෙ
ශේන් අයියා නැතුව යන්න මොකද්ද වගේ"

"අඩෝ ශේනා මුකුත් කියන්නෑ
අනික අද security කාරයත් නෑ
පනින්න සුපිරි දවස්"

"මොකක් security නෑ"

"ඔව් මිනිහා ඊයෙ රෑ ඉඳන් missing ලු
හොස්ටල් එක භාර සර්ටවත් කියලා ගිහින් නෑ යන තැනක් ගැන "

චාමික අයියා කිව්වෙ හිනා වෙවී

සමහරවිට මිනිහා මට කරපු දේවල් මම කාටහරි කියයි කියලා බයට පැනලා ගියාද දන්නේ නැහැ

දෙයියනේ කියලා දැන් මට බයක් නැතුව හොස්ටල් එකෙන් නම් එලියට බැස්සහැකි

Happiness Where stories live. Discover now