Chapter 05

177 41 2
                                    

"පුතා මොකක් හරි වැඩක් ද?"

"නෑ අප්පච්චි"

"මට පුතා එක්ක කතා කරන්න දෙයක් තියෙනවා"

"මොකක් ගැනද අප්පච්චි?

"යංකො සාලෙට"

මම ඒ වෙලාවේ මොකක් ගැනද කියලා අප්පච්චිගෙන් ඇහුවට අප්පච්චිගෙ පිටිපස්සේ හිටිය, අම්මගෙ මූණ දැක්ක ගමන්ම මට තේරුනා අප්පච්චිට මොනවා ගැනද කතා කරන්න ඕනි කියල

මම කිසිදෙයක් නොදන්න ගානට ගිහින් සාලෙ සෝෆා එකෙන් වාඩි වුණා

අප්පච්චිත් මට ඉස්සරහින් වාඩි වුණා

"මොකද්ද මේ තමුසෙ අම්මට කියලා තියන කතාව?"

"අප්පච්චි??"

"තමුසෙ ඉස්කෝලෙ කොල්ලෙක්ට කැමතියි කියලා මගුලක් නැටුවද?"

අප්පච්චි එයාගෙ ගොරෝසු කටහඬින් ඒ ප්‍රශ්නෙ අහද්දි මගෙ මුළු ඇඟම සීතල වුණා

එයා ඒ ප්‍රශ්නෙට උත්තරේ දන්නවා

"හ්ම්..."

මම එහෙම කියලා බිම බලාගත්තා

"පිරිමි ළමයෙක්ට?"

අප්පච්චි ඇහුවෙ ඇස් දෙක ලොකු කරලා මගෙ දිහා බලාගෙන

"ඔව් අප්පච්චි"

"තමුසෙ ඒ එහෙම කිව්වේ විහිලුවට ද?"

"නෑ අප්පච්චි
මට එහෙම දැනුනා
ඒකයි මම එයාට එහෙම කිව්වේ "

මම එහෙම කියද්දි මගෙ ඇස් දෙක බොඳ වී ගෙන කඳුළු බිංදු දෙක තුනක් මම වාඩි වෙලා හිටපු සෝෆා එක උඩට වැටුණා

අප්පච්චි හයියෙන් හුස්ම ගන්න සද්දෙ මට ඇහුනා



"අපි මෙච්චර කල් කල් කන්න බොන්න දීලා හදලා තියෙන්නේ නපුංසකයෙක්වද අනෝමා?
මෙහෙම එකෙක් හැදුවට වඩා හොඳයි..."

අප්පච්චි එහෙම කිව්වේ අම්මා දිහා බලාගෙන

අම්මා අතින් මූණ වහගෙන ඉකි ගැහුවා

ඒ වෙලාවේ අප්පච්චිට එහෙම කියන්න එපා කියලවත් අම්මා කිව්වේ නෑ

Happiness Where stories live. Discover now