Chapter 08

190 39 1
                                    

(මගෙ අතින් වැරදිලා කලින් chapter  එකේ ටිකක් දාලා තිබුණෙ නැහැ
Publish කරලා පැයකට විතර පස්සෙ මම ඒක දැක්කෙ

කෝකටත් මේක කියවන්න ඉස්සල්ලා කලින් එකේ ඔක්කොම කියෙව්වද කියලා බලන්න )

එදත් මම උදේම නැගිටලා ගියේ නාන්න washroom එකට යන්න හිතාගෙන

Washroom යන ගමන් ශේන් අයියාගේ කාමරේට පොඩ්ඩක් එබුනට පස්සෙයි දැක්කෙ එයා කලින් නැගිටලා කියලා

වෙනදට නම් මම තමයි කෑ ගහල ඒ පිස්සාව ඇහැරවන්නෙ

Washroom එක ළඟ වතුර සද්දෙ

ශුවර් එකටම අද කලින් ඇහැරලා නාන්න එන්න ඇති

මම ඇතුලට යනකොට ශේන් අයියා නාන ගමන් බර කල්පනාවක

"ගුඩ් මෝනින් අයියෙ"
මම ඇඳුම් ටික පැත්තකින් තියන ගමන් කිව්වා

"අහ් මෝනින් පොඩ්ඩො"

ශේන් අයියා කිව්වෙ කලකිරීමකින් ඉන්න කෙනෙක් වගේ

වෙනදට ශේන් අයියා හරි active

කනක් ඇහිලා ඉන්න නෑ පොඩි බබෙක් වගේ ඔහේ කියවනවා

Washroom එකේදි වතුර ගහගෙන උදේම මාත් එක්ක සෙල්ලම් කරනවා

"උදේ පාන්දරම මොනවා වෙලාද"
මම මටම කියාගත්තා

මම නාන මුළු වෙලාවේම ශේන් අයියා මට කතා කරේ නෑ

මමත් එයාට පාඩුවේ ඉන්න දෙන්න ඕනි කියල හිතුවා

අපි දෙන්නා නාලා ඉවර වුණේ එකම වෙලාවට වගේ

එයා එයාගේ ඇඟ පිහදාගන්න ගමන් මට කතා කලා

"අද උදේ අම්මගෙන් කෝල් එකක් ආවා
තාත්තා නැතිවෙලා"
ශේන් අයියා කිව්වෙ කටහඬ පහත් කරලා

"අනේ අයියේ... ඇයි ඕක උදේම මට කිව්වේ නැත්තේ
දැන් ඔයා ගෙදර යනවද?"
මම කිව්වා

"ඔව් පොඩ්ඩො යන්න වෙනවනෙ
අනික මට ඔයාට දෙයක් කියන්නත් තියනවා "

ශේන් අයියාගේ ඇස් දිලිසෙන්න පටන් ගත්තා

එයා හිමින් සැරේ මගෙ ලඟට ආවා
මගෙ ඇස් දෙක දිහා බලාගත්තා

Happiness Where stories live. Discover now