Chapter 09

172 35 6
                                    

"කෝ සල්ලි"
Security  අන්කල් මාව දැකපු ගමන් ඇහුවා

"කෝ ෆොටෝ?"
මමත් අනිත් පැත්තට ඇහුවා

"මුගෙ කටේ සද්දෙ" කියලා එයාටම කියාගන්න ගමන් අන්කල් ගබඩා කාමරේ ඇතුලට ගියා

ඇතුලට ගියා විතරයි මටත් කතා කරා ඇතුලට එන්න කියලා

මම ගබඩා කාමරේ ඇතුලට ගිහාම security අන්කල් දොර ලගට ගිහින් විපරම් කරලා බැලුවා කවුරුහරි එලියෙ ඉන්නවද කියලා

ඊට පස්සේ ඉක්මනටම දොර වහලා දැම්මා

ඊළඟට ගබඩා කාමරේ අස්සට ගිහින් පොඩි ස්මාර්ට් ෆෝන් එකක් අරගෙන ආවා

"මේන්"
අන්කල් ෆෝන් එක හයියෙන් අල්ලගෙන ස්ක්‍රීන් එක මගෙ පැත්තට හරවන ගමන් කිව්වා

අඳුරේ හිටපු නිසා ස්ක්‍රීන් එක දිහා එක පාර බලද්දි මගෙ ඇස් මොකද්ද වුණා

ඇස් හුරු වුණහම මම විනාඩියක් සද්ද නැතුව ඒ දිහා බලන් හිටියා

"ආ සල්ලි
දැන් ඕක ඩිලීට් කරන්න"
මම කිව්වේ අතේ මිටි කරන් හිටපු දාහෙ කොලේ දික් කරන ගමන්

අන්කල් පැනපු ගමන් දාහෙ කොලේ ගත්තා

"කෝ ඉක්මනට ඕක ඩිලීට් කරන්න "
මම කෑ ගැහුවා

"පස්සෙ බැරියැ"
Security අන්කල් කිව්වේ මාව සත පහකට ගණන් ගන්නේ නැතුව

මම කර කියාගන්න දෙයක් නැතුව ගල් ගැහුනා

මට ආවෙ පුදුම කේන්තියක්

මම තදින් හුස්ම ගත්තා

තත්පර දෙක තුනක් එහෙම ඉඳලා එකපාරටම security කාරයාගේ ඇඟට පැන්නෙ කොහොමහරි එයාගෙ අතේ තියන ෆෝන් එක ගන්නවමයි කියලා හිතාගෙන

Security කාරයා මාව තුන් හතර පාරක් ම තල්ලු කරා

මම ආයෙත් උගෙ ඇඟට පැන්නා

ඊළඟට ඌ මාව තල්ලු කරපු පාර මාව විසික් වෙලා ගිහින් අයින් කරපු පරණ ලී අල්මාරියක වැදුනා

හරියටම ගිහින් ඔලුවම වැදුන නිසා මට නැගිට ගන්න පණක් තිබුණෙ නැහැ

මගෙ ඇස් යාන්තං පිය වී ගෙන ආවා

මං ලාවට දැක්කා අර මිනිහා මගෙ පැත්තට ආපු විදිය



Happiness حيث تعيش القصص. اكتشف الآن