Chapter 02

228 41 5
                                    

"මම ඔයාට කැමතියි"

"මමත් උබට කැමතියි බන්"

"මං කියන්නේ එහෙම නෙවෙයි"

"එහෙනම්?"

"මම කියන්නේ...මේ... මම ඔයාට ආදරෙයි"

"පිස්සුද බන් ? 😂"

"මම ඇත්තටම කියන්නෙ...😔"

"උබ පොන්#යෙක් ද  #ත්තො??"










මට පළවෙනි ආදරේ මට දැනෙන්න ගන්නකොට මට අවුරුදු දාසයක් විතර ඇති

ඔව් එයා කොල්ලෙක්

හීනි ඇඟක් තිබුන උස කොල්ලෙක්
එයාට තිබුණේ ලස්සන තලෙළු හමක්

ඉස්කෝලෙ පටන් ගත්ත වෙලේ ඉඳන් මම ඒ ලස්සන ඇස් දෙක දිහා බලාගෙන හිටියා

එයා දිහා බලන් ඉන්න හිතාගෙන මම හැමදාම ඉස්කෝලේ ගියා

මම යාලුවෙක් විදිහට එයාට ගොඩක් ලං වුණා

එයා මගේ හොඳම යාළුවා වුණා

එයා වෙන අයට ලං වෙනවා දකින්න මට ඕනි වුනේ නැහැ

එයා ගැහැනු ළමයි දිහා බලද්දි
අර කෙල්ල ලස්සනයි නේද
මේ කෙල්ල ලස්සනයි නේද කිය කිය මට පෙන්නද්දි මට දැනුනේ පුදුම ඊර්ෂ්‍යාවක්

ඒත් එක්කම මේක මහ දුකක්

මං එයාට ආකර්ෂණය වුණා

ඒ ආකර්ෂණයක් විතරමද

නැහැ, මම එයාට ආදරෙයි

ඔව් මම ආදරෙයි

ඉතින් මම එයාට මට දැනුන දේ කිව්වා


අවංක වුණා කියලා මට ලැබුණු තෑග්ගක් නෑ

එයාගෙ පිටින් තිබුන ලස්සන හිත ඇතුලෙත් තිබුනා නම්

එයා මගේ මූණටම මට පො#නයෙක් කිව්වා

එයා අඳුරන හැමෝටම මගේ ගැන කිව්වා

මෙච්චර කල් හැමෝටම ඉසුරු කියන්නේ silent පොරක්

ඒත් දැන්...

මම පො#නයෙක් ලු

මුළු ඉස්කෝලෙ පුරාම මේ කතාව පැතිරිලා ගිහින්

හැමෝම මං දිහා බැලුවේ මහ අමුතු විදියට

කිසිම කෙනෙක් මාත් එක්ක වචනයක්වත් කතා කළේ නැහැ

ඒ තරමටම මාව පිළිකුල් කරා

පිරිමි ළමයි එකතු වෙලා මාව විහිලුවකට ගත්තා

මට සෑහෙන්න වද දුන්නා

මම ඉවසුවා
ගොඩක් ඉවසුවා

සීමාව පැන්න ගමන් මන් එයාලට ගහන්න පටන් ගත්තා

මගෙ උපරිම ශක්තියෙන් මම උන්ට ගැහුවා

මගෙ වේදනාව මගෙ කේන්තිය මැකිලම යනකං මම උන්ට ගැහුවා




මම වගේ කෙනෙක් ආදරේ කරන එක වරදක් ද?

කෙනෙක්කැමති වෙන එකත් වරදක් ද??

Happiness Where stories live. Discover now