"කුකී බබා මේ දොර අරින්නකෝ මැණික... ප්ලීස් බබා මං ඔයාගේ චිමී හියුන්, මේ දොර අරින්නකෝ හියුන් ආවා ඔයාව එක්කන් යන්න... හියුන් කුකී බබාව එක්කන් යන්නම් මේ ගෙදරින් ආපහු ඔයාව තනි කරන්නේ නෑ... ප්ලීස් කුකී මත දොර අරින්න හොද බබා වගේ... ප්ලීස් ප්‍ලීස්"

ජිමින් දොරේ හැන්ඩ්ල් එක කරකවන ගමන් ඇතුලේ ඉන්න ජන්කුක්ට කතා කරන්න ට්‍රයි කලා... හැබැයි ජන්කුක් එයාගේ චිමී හියුන්ට නම් උත්තර දුන්නේවත්, දොර ඇරියේවත් නෑ... ජිමින් දොර අරින්න ට්‍රයි කරනවා දැක්ක ටේහ්යුං තවත් පාරක් ජීහාන්ට ගැහුවේ එයා සිහි නැති වෙද්දී... ඊලගට ටේහ්යුං ජිමින් ගාවට ගියා...

"එයා දොර අරින්නෑ අපි මේක කඩමු... ඔයා එහාට යන්න"

ටේහ්යුං ජිමින්ව එහාට කරලා දොර කඩන්න ට්‍රයි කලත් ඉතින් ඒක එහෙම කැඩුනේ නෑ... මොකද ඉතින් මේක tamil movie එකක් නෙවෙයි ඇගිල්ලෙන් ඇන්නත් කැඩිලා වැටෙන්න...

"අපි දෙන්නම බලමු"

ජිමින්, ටේහ්යුං දෙන්නම දෙපාරක් විතර එකපාරටම ඇවිත් දොරේ හැප්පුනා... තුන් වෙනි වතාවේ දොර කඩාගෙන දෙන්නවත් ඇතුලට විසික් වෙලා ගියා... ඇතුලට ආව ටේහ්යුං, ජිමින් දෙන්නටම දැකගන්න ලැබුනේ ලේ මිශ්‍ර බාත් ටබ් එකේ ගිලිලා සිහි නැතුව ඉන්න එයාලා මෙච්චර වෙලා හොයපු රූපයයි... ජිමින් ඉක්මනට දුවලා ගිහින් ජන්කුක්ව ටබ් එකෙන් එලියට ඇදලා අරගත්තා... ජන්කුක් උන්නේ නිරුවතින් උනත් ටේහ්යුංටවත්, ජිමින්ටවත් ඒක ගානක් උනේ නෑ... ටේහ්යුං ජන්කුක්ගේ කපුනු අත තද කරලා අල්ලගෙන හයියෙන් කෑ ගැහුවා...

"Ambulance එකකට කතා කරන්න ඉක්මනට"

ටේහ්යුංගේ කෑ ගැහිල්ලට කාමරේ ලග උන්න ජන්කුක්ට උදව් කරන වැඩ කරන කෙනා ඇතුලට ආවා...එයා ආවා දැක්ක ටේහ්යුං ජන්කුක්ගේ ඇග එයාගෙන් කවර් කරගත්තා...

"අනේ දෙවියනේ ජන්කුක් බේබී..."

"ඉක්මනට ambulance එකකට කතා කරන්න ප්ලීස්"

ජිමිනුත් කෑ ගහපු පාර හොද සිහියට ආව ඒ කෙනා ambulance එකට කතා කරා...

"පොලීසියටත් කතා කරන්න"

MY TOPS|VMK|✔Where stories live. Discover now