1 🤍

308 36 4
                                    

සුවිසල් නිවසක දොරත් ඇරගෙන එළියට ආව ජන්කුක් අතේ වයින් බෝතලයක් තිබ්බා . තනි කළු ෆුල් කිට් එකෙන් සැරසිලා ඉදපු ජන්කුක් වයින් ග්ලාස් එකත් අනිත් අතට අරගෙන ඇවිදන් ගියේ වත්ත ඉස්සරහා තිබ්බ දැවැන්ත චෙරි බ්ලොසම් ගහ ළගට .

උදේ දවස පටන් ගත්ත වෙලේ ඉදන් ජන්කුක් කළේ හොදටෝම බොන එක . දැන් දවස් දෙකක් තිස්සෙ ජන්කුක් කළේ එකම දේ... උදේ වෙනකොටම කොල්ලගෙ රාජකාරිය උණේ වත්ත ඉස්සරහ චෙරි බ්ලොසම් ගහ ගාවට ගිහින් බොන්න ගන්න එක . කෑමක් බීමක් හරියට නොගෙන ජන්කුක් ඉදියෙ පිස්සෙක් වගේ...

Taehyung : ජන්කුක් !!! උබ ඔහොම බීගෙන නැටුවම කොහොමද කෙල්ලව හොයා ගන්නෙ... ?

Jungkook : හ්‍යුන්ග්...හහ්... එයා ...ඇයි ගියේ ? මගෙ යුන්හි... ම...මං ගාවට ආ...ප්..පහු එ... එන්නකො චෙබල්... මං හැම දේම ඔයාට කියන්නම්... ම්...මේ සේරටම මුළ ඌ... මං ඌව මරනවා...

මෙච්චර වෙලා වයින් බෝතලෙත් බදාගෙන අඩ අඩා කියවපු ජන්කුක් එක පාරටම වයින් බෝතලෙත් පොළොවෙ ගහලා නැගිට්ටෙ හරියට හිට ගන්නවත් පණක් නැතිව...

Taehyung : කොහෙදුඹ ඔය යන්නෙ ?

Jungkook : මං...මං .. ඌව මරනවා... උ..ඌ තමා ම..මගෙ යුන්හිව ම්...මගෙන් ඈ...ඈත් කළේ...

ජන්කුක් වැටි වැටීම කාර් එක ගාවට ගිහින් ඒක අන්ලොක් කරලා නගින්න යන කොට ටේහ්‍යුන් ජන්කුක් ව ඇදලා අයින් කළේ ජන්කුක් කා ගහන කොට...

Jungkook : මට යන්න දීපම් බං...

Taehyung : යකෝ !!! පොඩ්ඩක් මිනිහෙක් වගේ හැසිරියන්... අමතක කරන්න එපා ඒ උබේ කවුද කියන එක... මගෙන් මරුම් නොකා පලයම් ගෙට...

Jungkook : යා...  මට මගෙ ය්..යුන්හිව ගෙනත් දෙන්නකො චෙබල්... අනේ හ්‍යුන්ග්... 😭

ඒ සැරේ ජන්කුක් එතනම බිම ඉද ගෙන අඩන්න ගත්තෙ ටේහ්‍යුන් කාර් එකට හේත්තු වෙලා දැන් මොකද කරන්නෙ කියලා කල්පනා කරන අතරෙ...

________________________________

ඇත්තටම බලන හැමෝටම පේන්නෙ ජන්කුක් කියන්නෙ පිස්සෙක් කියලා... ඔව් ජන්කුක් පිස්සෙක්... එයාගෙ ආදරේ නිසා... එයාගෙ ජීවිතේම උණ ඒ කෙල්ල නිසා...

ඒත් කවුද ජන්කුක් ඒ තරම් ආදරේ කරපු ඒ කෙල්ල ? එච්චර ආදරයක් දීලත් එයා ඇයි ජන්කුක් ව දාලා යන්න ගියේ...

හරි එහෙනම්... අපි බලමු . මේ කතාව කොහොම එකක්ද කියලා...




















හේ හේ 13 වෙනි කතාව මේ...
අන්පබ්ලිශ් කරලා තිබ්බෙ...
දැන් ආපහු දෙනවා...
අනිත් කතා වගේම මාත් එක්ක ඉදීවි කියලා හිතනවා .

ඉතිම් කතාවෙ ඉස්සරහ ගැන හිතෙන විදිය ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න...

හොරෙන් දුවන්නෙ නැතුව තරුව ඔබන් යන්ටො...🥺

YUNHEE 🤍 || Sinhaal (ONHOLD)Where stories live. Discover now