😈Chapter 39😈

Start from the beginning
                                    

එලියේ ඉදන් ඈනුයි යීයි කෑ ගැහුවත් ජැක්සන් දොර ලොක් කරලාම දැන්මා..

"මේක බෝයිස් ඔන්ලි.. පල පල... ගිහින් අපිට හොඳ කෝපි ටිකකුයි හපන්න මොනා හරියි හදන් වර. එතකොට අරින්නම්.. "

"හුහ්.. හිතේ ඇති හදන් එයි කියලා... මෝඩයෝ රැල... "

කෙල්ලෝ ටික ආපහු යද්දී කට්ටියම ගිහින් යීබෝගෙයි ජාන්ගෙයි ඇඳේම වාඩි උනා..

ඉතින් යීබෝයි ජාන්ගෙයි විතරක් නෙමෙයි.. සෙට් එකම ඊයේ තමා මැරි කලේ.. ඒක මුලු ලෝකෙටම කතා කරන්න ලොකු මාතෘකාවක් උන වෙඩින් එකක් උනා...

විශේෂම දේ මාස්ටර් ලියෝ වගේම ලයන්ස්ලාගෙත් බොස් ගේ කියලා මුලු ලෝකෙම රාවයක් යද්දී පෙලක් අය හොඳ කියලා සතුටු වෙද්දී තව අය විවේචනය කලා...

ඒත් ඕවා මේ අයට නම් ගාණක්වත් උනේ නෑ.. grand royal wedding එකකින් පස්සෙ අනිත් එවුන්ට ඕනි කුදයක් ගහ ගනිම් කියලා යීබෝයි ජානුයි නම් මේ හැම දේකින්ම මාසයක් නිදහස් වෙන්න තීරණය කලා..

ඉතින් දැන් දෙන්නා හනිමූන් කියලා යන්න හදන්නේ යීබෝගේ ආසාවක් ඉශ්ට කරන්න... ජාන්ගේ තමයි ඉතින් අදහස..

Norway එක ලස්සන ගමක් වෙන geiranger වල මාසයක් පදිංචියට තමයි යන්නේ.. සම්පූර්ණෙන්ම මෙහෙ connection නැතුව සාමාන්‍ය ජීවිතයක් තමයි ඒ මාසේ ගත කරන්න තීරණය කරලා තිබ්බේ..

සල්ලි උනත් ගොඩක් අඩු ප්‍රමාණයක් එක්ක ඒ ගමේ තියෙන පොඩි ගෙයක් අරගෙන කාර් එකක් නැතුව බයික් එකක් අරගෙන ඒ දෙන්නා තනියම ඉන්න තමයි ඉතින් ප්ලෑන් එක..

"මේ ජානා උබට සුවර්ද බන් උබලට ගිහින් ඉන්න පුලුවන් වෙයි කියලා... "

ජැක්සන් ඇහුවේ ටිකක් සීරියස් පිට..

"මුගේ ආසාවනේ... "

කුවාන් කිව්වෙ යීබෝව පෙන්නලා...

"ඔව් කුවාන්.. යීබෝට ආසයිලුනේ.. ඉන්න පුලුවන්.. මොකෝ බැරි... නෙහ් ඒයි...?"

ජාන් ඇහුවේ යීබෝට වැලමිටෙන් ඇනලා..

"ඔව් නැතුව නිදහසේ අපිට ඉන්න පුලුවන් තොපි නැතුව.. ඇයි උබලට ඊරිසියාද... "

"අපෝ නෑ.. අපි බලමුකෝ.. තනියම උයාගෙන කාලා වැඩ කරන් ඉන්න හැටි.." 

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now