😈Chapter 36😈

1.7K 361 102
                                    

Chapter 36

👈

"චූටි, මමා එක්ක ඇඳුම් ලෑස්ති කරගන්න.. දැන්ම අපි මෙහෙන් යනවා.... "

ජාන් එහෙම කියන් උඩට යද්දී යී වගේම යීබෝත් බලන් හිටියේ පුදුම වෙලා.. යීබෝගේ ඇස් වලට ලාවට කඳුලු පටලයක් එද්දී යීබෝ ඉක්මනට උඩට ගියත් ජාන් එයාගේ කාමරේට ගිහින් දොර වහලා ලොක් කරලා තිබ්බා...

"ජ්...ජාන්.... "

👉

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

"ජාන්..... මේ දොර අරින්නකෝ.... "

"අපි ටිකක් මේ ගැන කතා කරමුකෝ මහත්තයෝ... "

"දොර අරින්නකෝ..... ජාන්..... ජාන්..... "

යිබෝ හිටියේ ජාන්ගේ කාමරේ දොර ඉස්සරහා... යිබෝ දොරට තට්ටු කර කර කොච්චර කතා කලත් ජාන් දොර ඇරියේ නෑ...

යිබෝ ලෙඩෙක් විදිහට මෙච්චර කාලයක් හිටියත් ජාන් ඒ කාමරේම හිටියත් ජාන් යීබෝ එක්ක එක පාරක්වත් කතා කලේ නෑ.. ජාන් නිදාගත්තේ සෙටියේ...

යීබෝ ඉතාලි ගිය දවසේ ඉදන් ජාන්ගෙන් කිස් එකක්වත් හම්බුනේ නෑ.. අර හැමෝම ඉස්සරහා ටික වෙලාවක් කිස් කරපු එක විතරයි.. ඒ ඇරෙන්න අඩුම තරමේ ජාන් එයාව අල්ලන්නවත් දුන්නේ නෑ..

"ජාන්... චුට්ටක් මං කියන දේ අහන්නකෝ.. ජා....න්..... "

යීබෝ ආයෙත් කතා කරද්දී ජාන් දොර ඇරියා.. හැබැයි ජාන් කාමරෙන් එලියට ආවේ ට්‍රැවලින් බෑග් එකකුත් ඇඳගෙන.. වෙන ඇඳුමකට මාරු වෙලා..

ජාන්ගේ මූණෙන් කිසිම හැඟීමක් පෙනුනේ නැති වෙද්දී යීබෝ හිටියේ පුදුමෙන් ජාන් දිහයි බෑග් එක දිහයි බල බල...

"ජ්..ජා...න්.... "

"ඔෆිස් රූම් එකට එන්න මිස්ටර් වන්ග් යීබෝ... "

ජාන් සීතල හඬකින් කියලා ඉස්සර වෙද්දී ටික වෙලාවක් ජාන් යන දිහා බලන් ඉදලා යීබෝ පිටිපසඑන් ගියා...

ජාන් දොර ඇරන් ඉදලා යීබෝ ඇතුලට ආවාට පස්සේ දොර වහලා ලොක් කරලා ගිහින් මේසේ ඉස්සරහා තියෙන පුටුවේ වාඩි උනා..

"මට පරක්කු වෙනවා මිස්ටර් යීබෝ... ඇවිත් වාඩි වෙන්න.... "

ජාන් කියද්දී යීබෝ ඇවිත් වාඩි උනා.... ජාන් එයාගේ අතේ තිබුන එක ෆයිල් එකක් යීබෝගේ අතට දුන්නා...

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now